Latestදේශීය

කාව­න්තිස්ස ඝාත­න­යට කුම­න්ත්‍ර­ණ­යක් තිබු­ණා­දැයි CIDය සොය­යි

කාව­න්තිස්ස හස්තියා ඝාත­නය කිරීමේ කුම­න්ත්‍ර­ණ­යක් පැවැ­ති­යේද යන්න පිළි­බඳ අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තුව මඟින් විම­ර්ශන පව­ත්වන බවත්, හස්ති­යාගේ වියෝව පිළි­බඳ විශේෂ කරුණු අනා­ව­ර­ණය වෙමින් පව­තින බවත් පරි­සර ඇමැති වෛද්‍ය දම්මික පට­බැඳි මහතා පාර්ලි­මේ­න්තු­වේදී ඊයේ (20) ප්‍රකාශ කළේය. හස්ති­යාගේ වියෝ වීම පිළි­බඳ මූලික වග­කීම පරි­සර ඇමැ­ති­ව­රයා ලෙස තමන් භාර ගන්නා බවත් ඇමැ­ති­ව­රයා මෙහිදී කීවේය.

අමාත්‍ය දම්මික පට­බැඳි මහතා මේ බව සඳ­හන් කළේ ස්ථාවර නියෝග 27/2 යටතේ විපක්ෂ නායක සජිත් ප්‍රේම­දාස මහතා මතු කරන ලද ප්‍රශ්න­ය­කට පිළි­තුරු ලබා දෙමිනි.

වෙනත් කිසිදු හස්ති­ය­කුට සිදු නොකළ තරම් මැදි­හ­ත්වී­මක් රජය ඇතුළු අදාළ ආය­තන කාව­න්තිස්ස හස්තියා වෙනු­වෙන් පසු­ගිය දින­වල සිදු කළ බවත්, රටේ ජාතික සම්ප­තක් ලෙස සැලකූ කාව­න්තිස්ස හස්තියා මිය­යාම රටේ ජන­තා­වට, පරි­ස­ර­වේ­දීන්ට ඇතුළු සියලු දෙනාට ඉතාම සංවේදී අව­ස්ථා­වක් බවත්, එම හස්තියා බේරා ගැනීම වෙනු­වෙන් සිදු කළ හැකි සියලු මැදි­හ­ත්වීම් සිදු කළ බවත් අමා­ත්‍ය­ව­රයා පැව­සීය.

එමෙන්ම මෙම ඇතා රෝගා­තුර වූ අව­ස්ථාවේ සිටම විශේෂ මැදි­හ­ත්වී­මක් සිදු කළ බවත්, වන­ජීවී නිල­ධා­රීන්, පශු වෛද්‍ය­ව­රුන්, ගම්වැ­සි­යන් හා ආර­ක්ෂක අංශ ද ඊට මැදි­හත් වූ බව ද අමාත්‍ය දම්මික පට­බැඳි මහතා පැව­සීය.

වැඩි­දු­ර­ටත් අද­හස් දැක්වූ පරි­සර අමාත්‍ය දම්මික පට­බැඳි මහතා මෙසේ ද පැව­සීය:

‘කාව­න්තිස්ස හස්ති­යාගේ වියෝව කාටත් ඇති කරන්නේ දැඩි ශෝක­යක්. ඒ ඇතා වෙනු­වෙන් කළ හැකිව තිබූ සියලු දේ කර­මින් සිටි­යදී තමයි නැති වුණේ. පශු වෛද්‍ය­ව­රුන්, වන­ජීවී මෙන්ම අමා­ත්‍යාංශ නිල­ධා­රීන්, ආර­ක්ෂක අංශ, ගම්වා­සීන් ඇතුළු විශාල පිරි­සක් ඇතාගේ ජීවි­තය ගලවා ගැනී­මට විශාල වෙහෙ­සක් ගත්තා. මේ සතා වෙනු­වෙන් අපි වෙනම විශේෂ අව­ධා­න­යෙන් කට­යුතු කළ බවත් කිව යුතුයි. ඇතාට තුවා­ල­යක් වෙලා තියෙ­නවා කියලා දැන ගන්න ලැබුණේ සැප්තැ­ම්බර් 23 වැනිදා. පසුව සත්වයා නිර්වි­න්ද­නය කරලා තුවා­ල­යෙන් ලේ හා සැරව සාම්පල අර­ගෙන පරී­ක්ෂා­වට ලක් කළා. ඒ ප්‍රති­ඵල අනුව ඖෂධ ලබා දුන්නා. තුවා­ලය දැන­ගෙන දෙවැනි දිනයේ සිටම පශු වෛද්‍ය කණ්ඩා­යම් දින­පතා අව­ධා­නය යොමු කර­මින් කට­යුතු කළා. පළමු රෝගී තත්ත්වය ඖෂධ ලබා දීමෙන් පසුව සුව කර ගැනී­මට හැකි වුණා. වෛද්‍ය වාර්තා මම නිරී­ක්ෂ­ණය කළා. සැප්තැ­ම්බර් 30 වන විට ඇතාගේ ඉදිරි පාදයේ තුවා­ලය සුව වෙලා පාද හත­ර­ටම බර තබා ඇවි­දින්න පටන් ගත්තා.

අනු­රා­ධ­පු­රය පැත්තේ සැරි­සැ­රුවා. ඒ වන විට තුවා­ලය සුව වෙලා හොඳ තත්ත්ව­යක සිටියේ. දෙවැනි රෝගී තත්ත්ව­යක් ගැන නිරී­ක්ෂ­ණය වුණේ දෙසැ­ම්බර් 6 වැනිදා. එය පාචන තත්ත්ව­යක්. ඒ නිසා ඇතා දුර්වල වන බව දැනුණා. ආහාර නොගන්නා බව නිරී­ක්ෂ­ණය කළා. ඇතා දුර්වල වන බව දැක්කා. මේ කාල­යේ­දීත් අපි දින­ප­තාම ඇතා ගැන අව­ධා­න­යෙන් හිටියේ. මමත් අමා­ත්‍යාංශ ලේක­ම්තුමා, පශු වෛද්‍ය අධ්‍ය­ක්ෂ­තුමා සූම් (Zoom) තාක්ෂ­ණ­යෙන් සාකච්ඡා කර­මින් අවශ්‍ය කට­යුතු කළා. ඔක්තෝ­බර් 14 වැනිදා ආර­ක්ෂක ලේක­ම්තුමා සමඟ කතා කරලා ඉදි­රියේ ඇති විය හැකි හදිසි මැදි­හ­ත්වී­මක් වෙනු­වෙන් විසි­පස් දෙන­කු­ගෙන් යුත් ආර­ක්ෂක බළ­කා­ය­කට අනු­මැ­තිය ලබා ගත්තා. ඇතාගේ මාර්ගය නිරී­ක්ෂ­ණ­යට ඩ්‍රෝන කැමරා ඇතුළු අවශ්‍ය උප­ක­රණ ලබා ගත්තා. ඒ අතරේ 14 වැනිදා කලා­ඔයේ සිටි ඇතාට වෛද්‍ය­වරු ප්‍රති­කාර කළා. 15 වැනිදා කලං­කුට්ටි වැවේ හිටියා. මොකක්ද කරන්න පුළු­වන් කියලා සාකච්ඡා කළා. දෙවැනි රෝගී තත්ත්වය නිසා පෝෂණ තත්ත්වය පිරි­හෙන බව දැනුණා.

ආහාර නොගන්නා බවත් නිරී­ක්ෂ­ණය කළා. ඒ නිසා ආහාර රුචිය වඩ­වන ඖෂධ වගේම ආහා­රත් දුන්නා. නමුත් සතා දුර්වල වුණා. පසුව තමයි ජීවි­ත­ක්ෂ­යට පත් වුණේ. ඇතා වෙනු­වෙන් වෛද්‍ය කණ්ඩා­යම් විශාල පිරි­සක් මැදි­හත් වුණා. චන්දන ජය­සිංහ, ආනන්ද ධර්ම­කීර්ති, අක­ලංක පිණි­දිය, උදේ­ශිකා මධු­වන්ති, පුබුදු මධු­වන්ති, ඉසුරු හේවා­කෝ­ට්ටගේ ඇතුළු වන­ජීවී අංශයේ පශු වෛද්‍ය­වරු මැදි­හත් වුණා. ඇතාගේ තත්ත්වය සම්බ­න්ධ­යෙන් පැවති සූම් සාක­ච්ඡා­ව­ලට පේරා­දෙ­ණිය පශු වෛද්‍ය පීඨය, සත්ත්වෝ­ද්‍යාන දෙපා­ර්ත­මේ­න්තුව ඇතුළු අනෙ­කුත් ආය­ත­න­වල ඉන්න පශු වෛද්‍ය­වරු සම්බන්ධ වුණා. වෛද්‍ය නෙවිල් ද සිල්වා, වෛද්‍ය නිරං­ජලා ද සිල්වා, වෛද්‍ය තාරක ප්‍රසාද්, මහා­චාර්ය අශෝක දංගොල්ල, වෛද්‍ය ආර්. සී. රාජ­පක්ෂ, වෛද්‍ය බුද්ධික බණ්ඩාර ඇතුළු පළ­පු­රුදු වෛද්‍ය­වරු අවශ්‍ය දත්ත ලබා ගනි­මින් මැදි­හත් වුණා. වෙනත් කිසිදු හස්ති­ය­කුට නොවන තරමේ මැදි­හ­ත්වී­මක් මේ ඇතා වෙනු­වෙන් කළ බව කියන්න ඕනෑ.

මීට අම­ත­රව 15 හා 16 දෙදිනේ ඉන්දි­යාවේ හා තායි­ල­න්තයේ වෛද්‍ය­ව­රුන් සමඟ කතා කරලා ඔවු­න්ගෙන් අවශ්‍ය උප­දෙස් ගෙන ඔවුන් මෙර­ටට ගෙන්වී­මට සාකච්ඡා කර­මින් සිටියා. පළමු අව­ස්ථාවේ කකුලේ තුවා­ලය සුව කළා. දෙවැනි රෝගය තමයි සුව කර ගන්න බැරි වුණේ. ප්‍රති­කාර කරන ඖෂ­ධ­වල කිසිදු හිඟ­යක් තිබුණේ නැහැ. කකුලේ තුවා­ලය වෙඩි තැබී­ම­කින් වූ තුවා­ල­යක්. ඒ සම්බ­න්ධ­යෙන් රොහාන් ඕලු­ග­ලගේ සහා­යෙන් විම­ර්ශන කර ගිනි අවි සහ පුද්ග­ල­යන් අත්අ­ඩං­ගු­වට ගත්තා. එම පුද්ග­ල­යන් රිමාන්ඩ් කර තිබෙ­නවා. මේ පිළි­බඳ විශේෂ කරුණු අනා­ව­ර­ණය වෙමින් තියෙ­නවා. ඇතා ඝාත­නය කිරී­මට කිසි­යම් සංවි­ධා­නා­ත්මක බවක්, කුම­න්ත්‍ර­ණ­යක් තිබුණේ ද යන්න පිළි­බඳ අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තු­වත් සම්බන්ධ කර­ගෙන විම­ර්ශ­නය කර­නවා.

සියලු දෙනා කාව­න්තිස්ස තමන්ගේ ඥාති­යෙක් ලෙස සලකා කට­යුතු කළා. එක කණ්ඩා­ය­මක් ලෙස සහ­යෝ­ග­යෙන් කට­යුතු කළා. හැම­දෙ­නා­ගේම සහය අගය කළ යුතුයි. මනු­ස්ස­යෙක් හැටි­යට සල­ක­මින් තමයි ප්‍රති­කාර කළේ. මම විශ්වාස කර­නවා මූලික වග­කීම පරි­සර ඇමැ­ති­ව­රයා ලෙස භාර ගන්න සූදා­නම්. පශු වෛද්‍ය කණ්ඩා­යම් විවේ­චන මැදයි කට­යුතු කරන්නේ. අව්වට වේළෙ­මින්, වැස්සට තෙමෙ­මින් ඔවුන් කට­යුතු කරන්නේ. ඔවුන් දිරි­මත් වන ආකා­ර­යට අවශ්‍ය මැදි­හ­ත්වීම් කරන්න කියලා සියලු දෙනා­ගෙන් ඉල්ල­නවා. කාගේ අතින් වර­දක් සිදු වුණත් ඒ සියලු කට­යු­තු­වල වග­කීම මම භාර ගන්නවා. මර­ණය සම්බ­න්ධ­යෙන් පරීක්ෂා කරන්න ජනා­ධි­ප­ති­තුමා විශේෂ කණ්ඩා­ය­මක් පත් කර තිබෙ­නවා. අධි­ක­රණ නියෝ­ග­යක් ගත්තා, ස්වාධීන පරී­ක්ෂ­ණ­ය­කට පේරා­දෙ­ණිය පශු වෛද්‍ය පීඨයේ මහා­චාර්ය කාවින්ද්‍ර විජේ­සු­න්දර සම්බන්ධ කර ගනි­මින් පශ්චාත් මරණ පරී­ක්ෂ­ණ­යක් පව­ත්ව­නවා. දැනට අධි­ක­රණ නියෝ­ගය අනුව මේ සම්බ­න්ධ­යෙන් වන­ජීවී දෙපා­ර්ත­මේ­න්තුව පරී­ක්ෂ­ණ­යක් කර­නවා.

මේ වසර දෙක ඇතු­ළත අපි ගත් ක්‍රියා­මාර්ග නිසා වන­අලි මරණ මේ වන විට අඩු කර ගැනී­මට හැකි වෙලා තියෙ­නවා. අඩු කරන්න පුළු­වන් වෙන්නේ මිනිස් ක්‍රියා­කා­ර­කම් නිසා වන මරණ පම­ණයි. ස්වාභා­වික සිදු­වීම් නිසා ඇති වන මරණ අඩු කර ගන්න හැකි­යා­වක් නැහැ. වෙඩි තැබීම් නිසා වන මරණ අඩු කරලා තියෙ­නවා. විදු­ලිය කාන්දු වීම නිසා ඇති වන මරණ, හක්ක­ප­ටස් මරණ අඩු කරන්න කට­යුතු කරලා තියෙ­නවා. දුම්රියේ ගැටී­ම්ව­ලින් සිදු­වන මරණ අඩු කර ගැනී­මට හැකි වෙලා තියෙ­නවා. මේ වස­රේදී දුම්රිය ගැටීම් නිසා අලි මරණ තුනයි වෙලා තියෙන්නේ. අපි ගත් ක්‍රියා­මාර්ග නිසා අලි මරණ සිය­යට හත­ළිහ දක්වා අඩු කර ගැනී­මට හැකි වූ බව කියන්න ඕනෑ. කාව­න්තිස්ස වෙනු­වෙන් ජන­තාව ශෝක­යට පත් වෙලා ඉන්නේ. අපි ඉන්නෙත් ඒ තත්ත්ව­යෙ­න්මයි.’

@දිනමිණ 


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *