ඉරානයට එරෙහි යුද්ධයකට සූදානම් නැහැ
ඉරානයට එරෙහිව නැවතත් යුද්ධයක් ආරම්භ කිරීමේ සූදානමක් නැති බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්රම්ප් සහ ඊශ්රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු ප්රකාශ කර තිබේ. රාජ්ය නායකයන් දෙදෙනාම මේ ප්රකාශ සිදු කර ඇත්තේ සිය රටවල පැවැත්වීමට නියමිත තීරණාත්මක මැතිවරණ ආසන්නයේදී බව වාර්තා වේ.
ඊශ්රායලයේ මැතිවරණය මේ මස 27 වැනිදා පැවැත්වෙන අතර, ඊට දින 6කට පසු නොවැම්බර් 3 වැනිදා අමෙරිකාවේ මධ්යවාර මැතිවරණය පැවැත්වීමට නියමිතව තිබේ. කෙසේ වෙතත් හෝමූස් සමුද්ර සන්ධිය නිදහස් කිරීම ඇතුළු සිය යෝජනාවලියට එකඟ නොවන්නේ නම් ඕනෑම මොහොතක යළි ඉරානයට පහර දීමට සිදුවනු ඇතැයි ද, එවැනි මෙහෙයුමකදී ඊශ්රායල අගමැතිවරයාගේ නායකත්වය අතිශය තීරණාත්මක වනු ඇතැයි ද ඩොනල්ඩ් ට්රම්ප් ප්රකාශ කළ බව විදෙස් මාධ්ය වාර්තා කරයි. ඊශ්රායල මැතිවරණයේදී සිය සහයෝගය බෙන්ජමින් නෙතන්යාහු වෙත ලබා දෙන බව ට්රම්ප් දැනටමත් සඳහන් කර තිබේ.
මේ අතර ඊශ්රායල අගමැතිවරයා ප්රකාශ කර ඇත්තේ ඉරානය යළි ඊශ්රායලයට පහරදීමට උත්සාහ දරන්නේ නම් එය ඉරානය සිදු කරන විශාලතම වරද වනු ඇති බවය. එහෙත් මැතිවරණයක් ආසන්නව තිබියදී නැවත යුද්ධයකට පිවිසීම සුදුසු නොවන බව ඔහු පිළිගෙන තිබේ.
@දිනමිණ
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

