Latestවිදේශීය

ඉරානයට එරෙහි යුද්ධයකට සූදානම් නැහැ

ඉරා­න­යට එරෙ­හිව නැව­තත් යුද්ධ­යක් ආරම්භ කිරීමේ සූදා­න­මක් නැති බව අමෙ­රි­කානු ජනා­ධි­පති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඊශ්‍රා­යල අග­මැති බෙන්ජ­මින් නෙත­න්යාහු ප්‍රකාශ කර තිබේ. රාජ්‍ය නාය­ක­යන් දෙදෙ­නාම මේ ප්‍රකාශ සිදු කර ඇත්තේ සිය රට­වල පැවැ­ත්වී­මට නිය­මිත තීර­ණා­ත්මක මැති­ව­රණ ආස­න්න­යේදී බව වාර්තා වේ.

ඊශ්‍රා­ය­ලයේ මැති­ව­ර­ණය මේ මස 27 වැනිදා පැවැ­ත්වෙන අතර, ඊට දින 6කට පසු නොවැ­ම්බර් 3 වැනිදා අමෙ­රි­කාවේ මධ්‍ය­වාර මැති­ව­ර­ණය පැවැ­ත්වී­මට නිය­මි­තව තිබේ. කෙසේ වෙතත් හෝමූස් සමුද්‍ර සන්ධිය නිද­හස් කිරීම ඇතුළු සිය යෝජ­නා­ව­ලි­යට එකඟ නොවන්නේ නම් ඕනෑම මොහො­තක යළි ඉරා­න­යට පහර දීමට සිදු­වනු ඇතැයි ද, එවැනි මෙහෙ­යු­ම­කදී ඊශ්‍රා­යල අග­මැ­ති­ව­ර­යාගේ නාය­ක­ත්වය අති­ශය තීර­ණා­ත්මක වනු ඇතැයි ද ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කළ බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ඊශ්‍රා­යල මැති­ව­ර­ණ­යේදී සිය සහ­යෝ­ගය බෙන්ජ­මින් නෙත­න්යාහු වෙත ලබා දෙන බව ට්‍රම්ප් දැන­ට­මත් සඳ­හන් කර තිබේ.

මේ අතර ඊශ්‍රා­යල අග­මැ­ති­ව­රයා ප්‍රකාශ කර ඇත්තේ ඉරා­නය යළි ඊශ්‍රා­ය­ල­යට පහ­ර­දී­මට උත්සාහ දරන්නේ නම් එය ඉරා­නය සිදු කරන විශා­ල­තම වරද වනු ඇති බවය. එහෙත් මැති­ව­ර­ණ­යක් ආස­න්නව තිබි­යදී නැවත යුද්ධ­ය­කට පිවි­සීම සුදුසු නොවන බව ඔහු පිළි­ගෙන තිබේ.

@දිනමිණ


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *