විහාරමහා දේවී සත්යග්රහය සම්බන්ධයෙන් අධිකරණ තීන්දුව වෙනසක් නැහැ
කොළඹ විහාර මහා දේවි උද්යානයේ පැවැත්වෙන සත්යග්රහයේ නිරත භික්ෂුන් වහන්සේලා ඇතුළු පිරිසට ඉවත් වෙන ලෙස කොළඹ ප්රධාන මහේස්ත්රාත් අධිකරණයෙන් ඊයේ ලබා දී තිබු ආඥාව වෙනස් කළ නොහැකි බවත් අදාළ ආඥාවට එරෙහිව යම් දෙයක් සිදු වුවහොත් දණ්ඩ නිති සංග්රහයෙන් අවශ්ය පරිදි නීතිමය ක්රියාමාර්ග ගැනීමට පොලිසියට හැකි බව කොළඹ ප්රධාන මහේස්ත්රාත් අසංග එස් බෝදරගම ඊයේ (23) නියෝග කළේය.
විහාර මහා දේවි උද්යානයේ උද්ඝෝෂණය සිදුකරන පිරිස සහ නිතීපතිවරයා විසින් අද දින මෝසම් පත්ර දෙකක් ගොනු කරන ලදි.
ඉන් උද්ඝෝෂණය නිරිත පිරිස සිය මෝසම් පත්රය ගොනු කරමින් ඊයේ දින අධිකරණයෙන් ලබා දුන් ආඥාව ඉවත් කිරීමට හෝ වෙනස් කිරීමට මෙලෙස ඉල්ලා තිබුණි.
නිතිපතිවරයා වෙනුවෙන් ඉල්ලා තිබු මෝසම් පත්රය මගින් අදාල නියෝගය කියවා දුන් පසුත් එම ප්රදේශයේ රැදී සිටි පිරිස අත්අඩංගුවට ගන්නා ලෙස වරෙන්තු ඉල්ලා සිටියේය.
@දිනමිණ
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

