Latestක්‍රීඩාදේශීය

ආසියානු නැගීඑන ක්‍රිකට් තරගාවලිය

ආසි­යානු කුස­ලාන නැඟී එන කණ්ඩා­යම් අතර ක්‍රිකට් තර­ගා­ව­ලිය ලබන මස 19 වන දින කටා­ර්හිදී ආරම්භ වේ. කණ්ඩා­යම් අටක් කාණ්ඩ දෙක­කට බෙදා මෙම ඕවර 50 තර­ගා­ව­ලි­යට ක්‍රීඩා කරනු ඇත.

ආසි­යානු ක්‍රිකට් කවු­න්සි­ලය දැන­ට­මත් තර­ගා­වලි කාල­ස­ට­හන ප්‍රකා­ශ­යට පත් කර ඇති අතර, කටාර් ජාත්‍ය­න්තර ක්‍රිකට් ක්‍රීඩාං­ග­ණයේ සහ දෝහා විශ්ව­වි­ද්‍යාල ක්‍රීඩාං­ග­ණ­යේදී තරග පැවැත්වේ. ශ්‍රී ලංකාව ‘ඒ’ කණ්ඩා­යම ආර­ම්භක දිනයේ ඇෆ්ග­නි­ස්තා­නය සමඟ පිටි­යට පිවි­සෙන අතර, ලබන මස 21 වැනිදා හොංකොංට එරෙ­හිව හා 23 වැනිදා බංග්ලා­දේ­ශ­යට එරෙ­හිව තර­ග­යට පිවිසේ.

26 හා 27 අව­සන් පූර්ව තරග පැවැ­ත්වෙන අතර, 29 වැනිදා අව­සන් මහා තර­ගය පැවැත්වේ.‍

‘බී’ කාණ්ඩ­යට ඉන්දීය ‘ඒ’, පාකි­ස්තාන ‘ඒ’, නේපා­ලය සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ජාතික කණ්ඩා­යම් ඇතු­ළත් වේ.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *