ෆවුසි රටෙන්ම සමාව ඉල්ලයි…
මාර්ගස්ථ සංවර්ධන අධිකාරියට අයත් වාහනයක් අයථා ලෙස භාවිත කරමින් හිටපු ඇමති ඒ.එච්.එම් ෆවුසි මහජන මුදල් අවභාවිත කර ඇති බවට තීන්දුවීමෙන් පසු ශ්රේෂ්ඨාධිකරණය දුන් නියෝගය අනුව අදාළ අවභාවිත කළ වාහනයේ ඡායාරූපයක්ද සහිතව ජනතාවගෙන් සමාව අයදින පිටු භාගයක දැන්වීමක් ‘සිළුමිණ’, ‘සන්ඩේ ඔබ්සර්වර්’ සහ ‘තිනකරන්’ යන පුවත්පත්වල මුල් පිටුවල පල කිරීමට ඔහු කටයුතු කර ඇත.
ඒ එම වරද තුළින් ජනතාවගේ මූලික අයිතිවාසිකම් කඩකර ඇති බවට තීන්දු කළ ශ්රේෂ්ඨාධිකරණය, රුපියල් හැටහය ලක්ෂ හැට හතරදහස් තුන්සියතිස් හතරයි ශත අනූ තුනක (රු. 6,664,334.93) මුදලෙන් රුපියල් 1,664,334.93ක මුදලක් මාසයක් ඇතුළතද, ඉතිරි රුපියල් ලක්ෂ 50ක මුදල මාස දෙකක් ඇතුළතද ඒකාබද්ධ අරමුදලට බැර කරන ලෙසද නියෝග කර තිබිණි.
ඇමති ධුර දැරූ කාල සීමාව තුළ රජයේ දේපොළ සහ වාහන අවභාවිත කිරීම සම්බන්ධයෙන් ගොනුකර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සමක් සලකා බැලීමෙන් අනතුරුව ශ්රේෂ්ඨාධිකරණය මෙම තීන්දුව ලබාදී තිබුණේ පූර්වාදර්ශී තීන්දුවක් ලෙසය.

@Lankatruth.com
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

