ආසියානු නැගීඑන ක්රිකට් තරගාවලිය
ආසියානු කුසලාන නැඟී එන කණ්ඩායම් අතර ක්රිකට් තරගාවලිය ලබන මස 19 වන දින කටාර්හිදී ආරම්භ වේ. කණ්ඩායම් අටක් කාණ්ඩ දෙකකට බෙදා මෙම ඕවර 50 තරගාවලියට ක්රීඩා කරනු ඇත.
ආසියානු ක්රිකට් කවුන්සිලය දැනටමත් තරගාවලි කාලසටහන ප්රකාශයට පත් කර ඇති අතර, කටාර් ජාත්යන්තර ක්රිකට් ක්රීඩාංගණයේ සහ දෝහා විශ්වවිද්යාල ක්රීඩාංගණයේදී තරග පැවැත්වේ. ශ්රී ලංකාව ‘ඒ’ කණ්ඩායම ආරම්භක දිනයේ ඇෆ්ගනිස්තානය සමඟ පිටියට පිවිසෙන අතර, ලබන මස 21 වැනිදා හොංකොංට එරෙහිව හා 23 වැනිදා බංග්ලාදේශයට එරෙහිව තරගයට පිවිසේ.
26 හා 27 අවසන් පූර්ව තරග පැවැත්වෙන අතර, 29 වැනිදා අවසන් මහා තරගය පැවැත්වේ.
‘බී’ කාණ්ඩයට ඉන්දීය ‘ඒ’, පාකිස්තාන ‘ඒ’, නේපාලය සහ එක්සත් අරාබි එමීර් රාජ්යයේ ජාතික කණ්ඩායම් ඇතුළත් වේ.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

