Latestදේශීය

මෙරට ධීවර යාත්‍රා 25ක් ඉන්දීය දේශසීමාවට

අයහපත් කාලගුණික තත්ත්වය හමුවේ ශ්‍රී ලංකාවට යළි පැමිණීමට නොහැකිව ඉන්දියාවට ආසන්න මුහුදු ප්‍රදේශයේ රැඳී සිටින මෙරට බහුදින ධීවර යාත්‍රා 25කට, පවතින අවදානම් තත්ත්වයෙන් ආරක්ෂා වීම සඳහා ඉන්දීය දේශසීමාවට ඇතුළු වීමට අවසර ලබා දී තිබේ.

ශ්‍රී ලංකා රජය විසින් කොළඹ පිහිටි ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය හරහා ඉන්දීය රජයෙන් කරන ලද විශේෂ ඉල්ලීමකට අනුව මෙම අවසරය හිමිව ඇත.

බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ වර්ධනය වී ඇති ඔර්නබ් සුළි කුණාටු තත්ත්වය හේතුවෙන් ඉන්දියාවට ආසන්න මුහුදු ප්‍රදේශයේ තවදුරටත් රැඳී සිටින බහුදින ධීවර යාත්‍රාවල ආරක්ෂාව තහවුරු කිරීම සඳහා ධීවර, ජලජ හා සාගර සම්පත් අමාත්‍යාංශය විසින් මෙම පියවර ගෙන තිබේ.

එමෙන්ම, කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ උපදෙස්වලට අනුව බලපෑමට ලක්වූ මුහුදු කලාපවලින් වහාම ඉවත්ව ආරක්ෂිත ස්ථාන කරා ගමන් කරන ලෙස ද එම යාත්‍රාවලට දැනුම් දී තිබේ.

මේ අතර, අදාළ මුහුදු ප්‍රදේශයේ රැඳී සිටින සියලුම යාත්‍රා හිමිකරුවන්ට පවතින තත්ත්වය හමුවේ ඉදිරියේදී අනුගමනය කළ යුතු නිසි ක්‍රියාපටිපාටිය පිළිබඳව ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව විසින් නිල වශයෙන් දැනුම් දීමට පියවර ගෙන ඇත.

ඉදිරියේදී නිකුත් කෙරෙන කාලගුණ අනතුරු ඇඟවීම් සහ නිවේදන පිළිබඳව දැඩි අවධානයෙන් පසුවන ලෙස ද ධීවර, ජලජ හා සාගර සම්පත් අමාත්‍යාංශය සමස්ත ධීවර ප්‍රජාවගෙන් වැඩිදුරටත් ඉල්ලා සිටී.

@sinhala.adaderana.lk
 


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *