ස්පාඤ්ඤයේ අධිවේගී දුම්රිය අනතුරින් 68ක් මියයයි – දින 3ක රාජ්ය ශෝක කාලයක්
ස්පාඤ්ඤයේ මධ්යම ප්රදේශයේ ටොලිඩෝ (Toledo) පළාතේ උර්ඩා (Urda) සහ ලොස් යෙබෙනෙස් (Los Yébenes) අසලදී ඊයේ (28) අධිවේගී දුම්රිය දෙකක් එකිනෙක ගැටීමෙන් බරපතල අනතුරක් සිදුවිය. විදෙස් මාධ්ය වාර්තා කර ඇත්තේ ඉන් අවම වශයෙන් පුද්ගලයින් 68 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බවයි.
මීට අමතරව 100කට වැඩි පිරිසක් තුවාල ලබා ඇති අතර, 50කට වැඩි පිරිසක් රෝහල්ගත කර ඇත. ඉන් 15 දෙනෙකුගේ තත්ත්වය බරපතල බව සඳහන්ය.
මැඩ්රිඩ් (Madrid) සිට සෙවිල් (Seville) දක්වා ධාවනය වෙමින් තිබූ Iryo සමාගමට අයත් දුම්රියක් කාර්මික දෝෂයක් නිසා මාර්ගයේ නතර වී තිබියදී, පසුපසින් පැමිණි Renfe AVE අධිවේගී දුම්රිය එහි පිටුපස ගැටී ඇත. දුම්රිය දෙකෙහි එකතුව මගීන් 544 දෙනෙකු ගමන් කර ඇත (Iryo හි 147ක් සහ AVE හි 397ක්).
දුම්රිය මාර්ගයේ ස්වයංක්රීය සංඥා පද්ධතියේ (Signalling System) හදිසි බිඳවැටීමක් සිදුවීමෙන් මෙම අනතුර සිදුවූ බව දැනට වාර්තාවේ.
සංඥා පද්ධතිය අක්රිය වීමෙන් පසු පාලන මැදිරිය මගින් මාර්ගය පාලනය කර ඇති අතර, ඉදිරියෙන් දුම්රියක් නතර වී ඇති බව නොතකා පසුපසින් ආ දුම්රියට ගමන් කිරීමට පාලන මැදිරියේ නිලධාරියෙකු විසින් අවසර දීම අනතුරට මූලික හේතුව ලෙස මූලික පරීක්ෂණවලදී සැක කෙරේ.
මේ වනවිට මැඩ්රිඩ් සහ ඇන්ඩලුසියා (Andalusia) අතර අධිවේගී දුම්රිය ධාවනය තාවකාලිකව අත්හිටුවා ඇත.
යුධ හමුදා හදිසි සහන බලකාය (UMU) සහ හෙලිකොප්ටර් යොදවා මුදාගැනීමේ මෙහෙයුම් ක්රියාත්මක කෙරිණි.
ස්පාඤ්ඤ අගමැති පෙඩ්රෝ සංචෙස් (Pedro Sánchez) විසින් අනතුරින් මියගිය පිරිස වෙනුවෙන් දින 3ක රාජ්ය ශෝක කාලයක් ප්රකාශයට පත් කර ඇත.
@දිනමිණ
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

