Latestදේශීය

හෝමාගම පොලිසියේ අපරාධ අංශ ස්ථානාධිපති අත්අඩංගුවට

පොලිසිය භාරයේ සිටියදී තරුණයෙකු මියයාමේ සිද්ධිය සම්බන්ධයෙන් මේ වනවිට වැඩතහනමට ලක්ව සිටින හෝමාගම පොලිසියේ අපරාධ අංශ ස්ථානාධිපති, බස්නාහිර දකුණ අපරාධ කොට්ඨාසය මගින් ඊයේ (28) අත්අඩංගුවට ගෙන ඇත.

මත්ද්‍රව්‍ය චෝදනාවක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවෙකු හෝමාගම පොලිස් ස්ථානයේ සිරමැදිරියක රඳවා සිටියදී මියයෑමේ සිද්ධියට ඔහු වැඩතහනමට ලක්ව සිටියේය.

අදාළ සිද්ධියට ඔහුට අමතරව එම පොලිස් ස්ථානයේ උපපොලිස් පරීක්ෂකවරයෙකු හා පොලිස් සැරයන්වරයෙකුගේ සේවයද මේ වනවිට අත්හිටුවා තිබේ.

මෙම සිද්ධියෙන් මියගොස් ඇත්තේ කිරිවත්තුඩුව ප්‍රදේශයේ පදිංචිව සිටි ඉෂාර හර්ෂ කුමාර නැමැති 29 හැවිරිදි දෙදරු පියෙකි.

මියගිය පුද්ගලයාගේ ඥාතීන් චෝදනා කරන්නේ පොලීසියේ දැඩි පහරදීම් හේතුවෙන් ඔහු මියගොස් ඇති බවය.

@sinhala.adaderana.lk


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *