නාමල් ඇතුලු පිරිසට එරෙහි මුදල් විශුද්ධිකරණ නඩුව පෙබ. 11 කල්තබයි
මුදල් විශුද්ධීකරණය වැළැක්වීමේ පනත යටතේ පාර්ලිමේන්තු මන්ත්රී නාමල් රාජපක්ෂ ඇතුළු පිරිසක් සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනවලට අදාළව මෙතෙක් නීතිපති උපදෙස් ලැබී නැති බව පොලිස් මූල්ය අපරාධ විමර්ශන කොට්ඨාසය අධිකරණයට දැනුම් දී තිබේ.
අදාළ නීතිපති උපදෙස් පිළිබඳව විමසීම සඳහා මෙම නඩුකරය යළි පෙබරවාරි මස 11 වැනිදා කැඳවන ලෙස කොළඹ ප්රධාන මහේස්ත්රාත් අසංග එස්. බෝදරගම නියෝග කර ඇත.
කෙසේ වෙතත් අද දින මෙම නඩුකරය කැඳවූ අවස්ථාවේදී බන්ධනාගාරගතව සිටින පාර්ලිමේන්තු මන්ත්රී නාමල් රාජපක්ෂ අධිකරණයට ඉදිරිපත් කර නොතිබිණි. එහෙත් ඇප මත මුදා හැර සිටින සෙසු සැකකරුවන් වන සුජානි බෝගොල්ලාගම, නිත්යා සමරනායක, සුදර්ශන බණ්ඩාර යන සැකකරුවන් අධිකරණය හමුවේ පෙනී සිට ඇත.
පාර්ලිමේන්තු මන්ත්රීවරයෙකු වශයෙන් කටයුතු කරමින් N.R. Consultancy නමැති සමාගමක රුපියල් මිලියන 15ක පමණ මුදලක් යෙදවීම පිළිබඳව මුදල් විශුද්ධීකරණය වැළැක්වීමේ පනත යටතේ සිදුකරන විමර්ශනයකට අදාළව පොලිස් මූල්ය අපරාධ විමර්ශන කොට්ඨාසය විසින් මෙම පැමිණිල්ල ඉදිරිපත් කර තිබිණි.
@Lankatruth.com
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

