Latestදේශීය

ලාල් විජේනායක මියයයි

ජාතික ජන බලවේගයේ මෙහෙයුම් කමිටුවේ සහ විධායක සභාවේ සාමාජිකයෙකු වූ වාමාංශික දේශපාලඥයෙකු හා ජ්‍යේෂ්ඨ නීතිඥයෙකු වන ලාල් විජේනායක මහතා අභාවප්‍රාප්ත වේ.

මියයන විට ඒ මහතා 86 වැනි වියේ පසුවිය.

ඔහු 1963 දී දේශපාලනයට එක්ව ඇත්තේ ලංකා සමසමාජ පක්ෂයෙනි.

1988 පළාත් සභා මැතිවරණයෙන් මධ්‍යම පළාත් සභාවට තේරී පත්වූ විජේනායක මහතා එහි විපක්ෂ නායකවරයා ලෙසද කටයුතු කර ඇත.

2016 වසරේදී නව ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීම සඳහා පත්කෙරුනු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පිළිබඳ මහජන අදහස් විමසීමේ කමිටුවේ සභාපතිවරයා වූයේද ලාල් විජේනායක මහතාය.

විජේනායක මහතා මානව හිමිකම්, සමාජ සාධාරණත්වය මෙන්ම ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් සිය ජීවිත කාලයම කැපකළ විද්වතෙකි.

@දිනමිණ 


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *