ශ්‍රී ලංකාව සහ යුරෝපා සංගමය අතර තිරසර වෙළෙඳාම ප්‍රවර්ධනයට යුරෝ මිලියන 10ක්
ශ්‍රී ලංකාව සහ යුරෝපා සංගමය අතර තිරසර වෙළෙඳ සබඳතා ශක්තිමත් කිරීමේ අරමුණින් යුරෝ මිලියන 10ක ප්‍රදානයක් ලබා ගැනීමට අදාළ මූල්‍ය ප්‍රදාන ගිවිසුමට අත්සන් තැබීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.
යුරෝපා සංගමය විසින් මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා එකඟතාව පළ කර ඇති අතර, හරිත සංක්‍රාන්ති මුලපිරීම් සහ දේශගුණික බලපෑම්වලට ඔරොත්තු දෙන වෙළෙඳ භාවිතයන් ප්‍රවර්ධනය කිරීම එහි ප්‍රධාන අරමුණකි.
එමඟින් ශ්‍රී ලංකාව සහ යුරෝපා සංගමය අතර තිරසර වෙළෙඳ සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීම මෙන්ම වෙළෙඳ කටයුතුවල නිරත ආයතනවල ධාරිතාව වැඩිදියුණු කිරීමට ද අපේක්ෂා කෙරේ.
තවද, යුරෝපා සංගමයේ වෙළෙඳපොළට ප්‍රවේශ වීම සඳහා අවශ්‍ය ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූල වීමට ශ්‍රී ලංකාව දරන ප්රයත්නයන්ට සහාය ලබාදීම ද මෙම ව්‍යාපෘතියේ තවත් අරමුණකි.
වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමුපකාර සංවර්ධන අමාත්‍යාංශය විසින් වසර හතරක කාලයක් තුළ මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබේ.
ඒ අනුව, ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා යුරෝ මිලියන 10ක ප්‍රදානයක් ලබා ගැනීමට අදාළ මූල්‍ය ප්‍රදාන ගිවිසුම යුරෝපා සංගමය සහ ශ්‍රී ලංකා රජය අතර අත්සන් තැබීම පිණිස මුදල්, ක්‍රම සම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යවරයා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර ඇත.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

