Latestදේශීයනවතම ලිපිමතවාද

නිරාගමික හෝ රැඩිකල් යන වචනවල අර්ථ පැහැදිලි කිරීමට තිස්සට පුළුවන් ද?

(ධනන්ජය කරුණාරත්න)

තිස්ස ජනනායක කේ කේ ශ්‍රීනාත් චතුරංග ලියපු පොතක් කේ කේ සමන් කුමාර ලීවා කියා පටලවාගෙන සමන් හිරේ ගිය නිරාගාමික අපරාධකාරයෙක් විදිහට ශිෂ්‍යයින්ට උගන්වනවා. සමන් කුමාර ජනනායකට අහවල් වරදක් කරලද ශිෂ්‍යයින්ගේ වටිනා කාලය අරගෙන සමන්ට මේ තරම් පහර දෙන්න?

මම මෙතන කරුණුමය වරදට වඩා බරපතල ප්‍රශ්නයක් දකිනවා.

ඔය ‘නිරන්ගාමික’ කියන වචනයෙන් මෙන්ම සමහර අවස්ථාවල ‘රැඩිකල්’ කියන වචනයෙන්ද ජනනායකලා වැනි ‘සාමාන්‍ය මිනිස්සු'(‘ordinary people’) නිතරම පහර දෙන පිරිසක් ඉන්නවා. ඒ තමයි සංස්කෘතිය, සමාජය, ආගම, විශ්වාස, සම්ප්‍රදායන් මේ සියල්ලම ගැන සාමාන්‍ය සම්මතව යන විදිහට වඩා පර්යේෂණාත්මකව, නිර්මාණාත්මකව සහ වෙනස්ව හිතන පිරිස. එම නිසාම ජනනායකලාට වඩා ඔවුන් සාමාන්‍යයෙන් තර්ක කරන ඇනලයිස් කරන කුඩා කල ඔළුවට දාපු විශ්වාස වලින්ම ජීවත් වෙන්නේ නැති පිරිසක්. (එහෙම හිතන පිරිස එක ගොඩකට වැටුනද ඔවුන්ගේ මතවාද වෙනස් . ඒක වෙනම කතාවක්).

මේ වෙනස්ව හිතන පිරිස එසේ වෙනස්ව හිතනකොට එම මතවාද සමාජගත වෙනකොට ජීවිතේ ගැන තමන්ට උගන්නපු විදිහටම හිතන , දහම් පාසල් , පාසල් වලින් කියපු විදිහටම දේවල් දිහා දකින ඊට වඩා දෙයක් හරි වැරදි පිළිබඳව මිනිස්සුන්ට උගන්නන්ඩ දන්නැති ජනනායකලා සහ මුතුගලලා වැනි අයට දැනෙන්නේ මානසික අනාරක්ෂිතභාවයක්. ජනනායක වැනි විශාල මුදලක් හොයාගත්ත අයටද එම අනාරක්ෂිතභාවයෙන් ගැලවෙන්නට බැරි බවයි මෙතනින් පෙන්වන්නේ. එය කුඩා කාලයට සම්බන්ධයි.

දැන් ජනනායක කියන කතාව ඇත්ත වුනත් එනම් සමන් නිරාගාමිකයි , ඒ පොත ලියලා තියෙන්නේ සමන් ඒ නිසා හිරේ ගිහිල්ලා .ඒකම ඊට වඩා අර්බුදයක්. පොතක් ලියපු කෙනෙකු හිරේ දමන්නේ අදහස්වල ප්‍රශ්නයක් (ප්‍රකාශන නිදහස නැතිකම) නිසා මිසක් ඒක මුදල් හෝ වෙනත් අපරාධයක් කරපු කෙනෙකුට සමාන කරන්න බෑ. ලෝකයෙ වඩාම හිරේ ගිහිල්ලා සහ මරණයට පවා පත්වෙලා තියෙන්නේ අදාල කාලයේ වඩාම දියුණු අදහස් නිර්භයව පළ කරපු උන්. දියුණු අධ්‍යාපනයේදී ළමයින්ට කියා දිය යුත්තේ එහි ඇති අසාධාරණයයි.

ඒවගේම ඔවුන්ට බැහැ නිරාගාමික කියන්නේ මොකක්ද රැඩිකල් කියන්නේ මොකක්ද කියලා හරියට පැහැදිලි කරන්න. ජනනායකගේ විස්තරේ කරුණුමය වැරැද්දෙන් පවා පෙන්වන්නේ වැඩිය හොයන්නේ විමසන්නේ නැතුව මොකක් හෝ ලේබල් එකක් ඇතුලට දමා සවුත්තු කරලා දාන සාමාන්‍ය සම්මතව හිතන මනුෂ්‍යයාගේ ස්වභාවයයි. ළමයින්ව ගලවා ගත යුත්තේ ඒ විදියට හිතන චින්තන රටාවෙන්මයි.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *