Latestදේශීය

‘ගම්පහ ඔස්මන්’ රිමාන්ඩ් භාරයට

ගනේමුල්ල සංජීව ඝාතන සිද්ධියට අදාලව ආධාර අනුබල දුන් බවට චෝදනා ලැබ අද (නොවැම්බර් 09) දින දක්වා කොළඔ අපරාධ කොට්ඨාශයේ රැඳවුම් නියෝග මත සිට අධිකරණයට ඉදිරිපත් කරන ලද “ගම්පහ ඔස්මන්” ලබන 13වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස් බෝදරගම මහතා අද (09) නියෝග කළේය.

සැකකරුගේ ආරක්‍ෂාව වෙනුවෙන් අවධානය යොමු කරන ලෙස ද මහේස්ත්‍රාත්වරයා එහිදී බන්ධනාගාර අධිකාරීවරයාට නියෝග කරන ලදි.

සිද්ධියට අදාල සැකකරු අධිකරණයට ඉදිරිපත් කරමින් කොළඹ අපරාධ කොට්ඨාශය පවසා සිටියේ සැකකරුව දින 180 ක කාලයක් රඳවා තබාගෙන ප්‍රශ්න කළ බවයි.

රැඳවුම් නියෝග කාල සීමාව අවසන් වීමෙන් පසු අද දින අධිකරණයට ඉදිරිපත් කළ බව කොළඹ අපරාධ කොට්ඨාශය පැවසීය.

සැකකරු සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශන කටයුතු සිදු කරන බැවින් සැකකරු තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොළඹ අපරාධ කොට්ඨාශය අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

@දිනමිණ


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *