Latestදේශීය

ගෝඨාභයගෙන් පැය 03ක් ප්‍රශ්ණ කරයි

හිටපු ජනා­ධි­පති ගෝඨා­භය රාජ­පක්ෂ මහ­තා­ගෙන් මධ්‍යම අප­රාධ විම­ර්ශන කාර්යාං­ශය ඊයේ (09) පැය 3ක පමණ කාල­යක් ප්‍රශ්න කර ප්‍රකා­ශ­යක් සට­හන් කර­ගෙන තිබේ.

ගෝඨා­භය රාජ­පක්ෂ මහ­තාගේ පෞද්ග­ලික ලේක­ම්ව­රයා ලෙස කට­යුතු කර­මින් විශ්‍රා­මික ජනා­ධි­පති වැය ශීර්ෂය යට­තේත්, ජනා­ධි­පති ලේකම් කාර්යා­ලයේ විශේෂ ව්‍යාපෘති අධ්‍යක්ෂ ජන­රාල් ලෙසත් වැටුප් දෙකක් එක­වර ලබා­ග­නි­මින් රුපි­යල් මිලි­යන 220කට අධික රාජ්‍ය මුදල් අව­භා­විත කිරීම සම්බ­න්ධ­යෙන් පොදු දේපොළ පනත යටතේ අත්අ­ඩං­ගු­වට ගෙන රක්ෂිත බන්ධ­නා­ගා­ර­ගත කර සිටින නව ජනතා පෙර­මුණේ නායක සුගී­ෂ්වර බණ්ඩාර මහතා සම්බ­න්ධ­යෙන් කෙරෙන විම­ර්ශ­න­ය­කට අදා­ළව මෙම ප්‍රශ්න කිරීම සිදුව ඇත.

ගෝඨා­භය රාජ­පක්ෂ මහ­තා­ගෙන් ඒ සම්බ­න්ධ­යෙන් මෙයට පෙරද ප්‍රශ්න කර ප්‍රකාශ සට­හන් කර­ගෙන තිබුණි. එහිදී ගෝඨා­භය රාජ­පක්ෂ මහතා විසින් ලබාදී ඇති කට­උ­ත්ත­ර­වල පර­ස්පර තත්ත්ව­යක් ඇති වී තිබේ. එය අධි­ක­ර­ණ­යේදී පවා අභි­යෝ­ග­යට ලක්ව ඇත. මේ තත්ත්වය මත ගෝඨා­භය රාජ­පක්ෂ මහ­තා­ගෙන් ඊයේ ප්‍රශ්න කරනු ලැබුවේ ඔහු විසින් අවස්ථා දෙක­කදී ලබාදී ඇති ප්‍රකාශ දෙක­කින් නිවැ­රදි ප්‍රකා­ශය කුම­ක්දැයි තහ­වුරු කර ගැනී­මට බව මධ්‍යම අප­රාධ විම­ර්ශන කාර්යාං­ශයේ උසස් නිල­ධා­රි­යෙක් පැව­සීය.

උදෑ­සන 9.00ට පමණ ගෝඨා­භය රාජ­පක්ෂ මහතා නාරා­හේ­න්පිට පිහිටි මධ්‍යම අප­රාධ විම­ර්ශන කාර්යාං­ශය හමුවේ පෙනී සිටී­මෙන් අන­තු­රුව ප්‍රකාශ සට­හන් කර­ගත් බවද එම නිල­ධා­රියා වැඩි­දු­ර­ටත් පැව­සීය.

@දිනමිණ 


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *