‘රාමායණ’ එතෙක් මෙතෙක් ආදායම් වාර්තා බිඳ දමයි
ඉන්දීය සාහිත්‍යයේ මහා වීර කාව්‍ය ලෙස සැලකෙන වාල්මිකිගේ රාමායණය ඇසුරින් සුප්‍රකට බොලිවුඩ් සිනමාකරු නිතේෂ් තිවාරි අධ්‍යක්ෂණය කළ ‘රාමායණ‘ චිත්‍රපටය ලොව පුරා රටවල් රැසක එකවර තිරගත කරමින් පළමු දින 5 ඇතුළත ඉන්දීය රුපියල් කෝටි 5ක වාර්තාගත ආදායමක් උපයා ගැනීමට සමත්වි තිබේ. දීපාවලි දිනයට සමගාමිව පෙරේදා පමණක් එම චිත්‍රපටය ඉන්දියාව තුළ ලබා ඇති ආදායම රුපියල් කෝටි 240කට ආසන්න බවත්, ඉරිදා දිනය අවසන් වන විට විදේශ රටවල් ද ඇතුළුව උපයා ගත් සමස්ත ආදායම ඉන්දීය රුපියල් කෝටි 499.20ක් බවත් ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.
සුපිරි බොලිවුඩ් නළු රන්බීර් කපූර් මෙහි රාම කුමරුගේ චරිතයට පණ පොවා ඇති අතර, සීතා කුමරියගේ චරිතය නිරූපනය කරනු ලබන්නේ දෙමළ සිනමාවෙන් රංගනයට අවතීර්ණ වූ සායි පල්ලවී විසිනි. කන්නඩ සිනමාවේ සුපිරි නළුවකු වන යාෂ් රාවණා රජුගේ චරිතය රඟ දක්වා ඇති අතර, සනී ඩියොල්, ලාරා දත්තා ඇතුළු තවත් සුප්‍රකට නළු නිළියන් රැසක් රාමායන වර්ණවත් කර තිබේ.
හින්දි බසට අමතරව කන්නඩ, දෙමළ, තෙළිඟු හා මලයාලම් භාෂාවලින් හඬ කවා කොටස් දෙකකින් සමන්විත චිත්‍රපට මාලාවක් ලෙස නිර්මාණය කර ඇති ‘රාමායණ‘ සමස්ත චිත්‍රපටයට ඉන්දීය රුපියල් කෝටි 4,000ක් වැය වී ඇතැයි වාර්තා වේ. එහි පළමු කොටසේ නිෂ්පාදන පිරිවැය පමණක් ඉන්දීය රුපියල් කෝටි 835ක් වන අතර, එය ඉන්දීය සිනමා ඉතිහාසයේ එතෙක් මෙතෙක් වැඩිම පිරිවැයක් දරා නිෂ්පාදනය කළ චිත්‍රපටය ලෙස ඉතිහාසයට එක්වී තිබේ. මීට පෙර එම වාර්තාවට හිමිකම් කියනු ලැබුවේ 2024 වසරේදී තෙළිඟු බසින් නිර්මාණය වූ ‘කල්කි 2898‘ චිත්‍රපටය වන අතර, ඊට වැය කර ඇති මුදල ඉන්දීය රුපියල් කෝටි 650කි.
@දිනමිණ
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

