Latestවිදේශීය

ඉරානයට එරෙහි යලි යුද්ධයක් නැහැ – ට්‍රම්ප් කියයි

මධ්‍ය වාර මැතිවරණයෙන් පසුව අමෙරිකාව ඉරානයට එරෙහිව නැවත හමුදා මෙහෙයුම් ආරම්භ කරනු ඇතැයි අනාවැකි පළවුවද, යුද්ධය ඵලදායි ලෙස අවසන් වී ඇතැයි ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කර තිබේ.

ඊශ්‍රායලය සහ මැදපෙරදිග රටවල් ඉරාන තර්ජනයෙන් ආරක්ෂා වී සිටින බැවින් නැවත යුද්ධයක් ආරම්භ කිරීමේ අවශ්‍යතාවක් නැතැයි ද ඔහු සඳහන් කර ඇත. ඉරානයට එරෙහි යුද්ධය නිමා කිරීම සම්බන්ධයෙන් ධනාත්මක ප්‍රවණතාවක් මේ වන විට මතුවී ඇති බවත්, නැවත ප්‍රහාර එල්ල වීමේ හැකියාව ඉතා අල්ප මට්ටමක පවතින බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කර තිබේ.

ට්‍රම්ප් මේ ප්‍රකාශය සිදු කර ඇත්තේ කටාර් රාජ්‍යයේ අගමැති මොහොමඩ් බින් අබ්දුල් රහ්මාන් සමඟ පෙරේදා ධවල මන්දිරයේ පැවති සාකච්ඡාවක් පසුව බව වාර්තා වේ. ඉරාන හමුදා මෙහෙයුම් අවසන් වුවද, දෙපාර්ශ්වය අතර න්‍යෂ්ටික වැඩසටහන සම්බන්ධව පවතින අර්බුදය කඩිනමින් නිමා කිරීම සඳහා සාකච්ඡා පැවැත්වෙනු ඇතැයි ද ට්‍රම්ප් විශ්වාසය පළ කර තිබේ.

විදෙස් මාධ්‍ය සඳහන් කර ඇත්තේ ඉරාන යුද්ධය අවසන් කිරීම සඳහා මැදපෙරදිග අමෙරිකානු මිත්‍ර රටවලින් ජනාධිපතිවරයාට දැඩි බලපෑම් එල්ල වූ බවය. කෙසේ වෙතත් අවශ්‍යතාවක් මතුවුවහොත් නැවත යුද්ධය ආරම්භ කිරීමට අමෙරිකාව සූදානම් බවටත්, ඉරානයට එරෙහිව නැවත එල්ල කරන ප්‍රහාරයක් පෙරට වඩා පස්ගුණයකින් විශාල වනු ඇති බවටත් ඩොනල්ඩ් ට්‍රම්ප් අනතුරු අඟවා තිබේ.

@දිනමිණ


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *