Latestදේශීය

මෙට්‍රෝ බස් සේවාව යාපනයට

රජය ක්‍රියාත්මක කරන මෙට්‍රෝ නාගරික සුඛෝපභෝගී බස් සේවාව යාපනය දිස්ත්‍රික්කය දක්වා ව්‍යාප්ත කිරීමේ මූලික කටයුතු ආරම්භ කර ඇතැයි ප්‍රවාහන අමාත්‍යංශය සඳහන් කරයි.

ඒ අනුව යාපනය නගරයේ මෙට්‍රෝ බස් රථ ධාවනයට සුදුසු මාර්ග හඳුනා ගැනීම සහ තාක්ෂණික ශක්‍යතාව ඇගයීම සඳහා විශේෂ මාර්ග පරීක්ෂණයක් හා පෙරහුරු ධාවනයක් ඊයේ (10) සිදු කෙරිණි. යාපනයේ මෙට්‍රෝ බස් සේවාව 2027 වසරේ මැද භාගයේදී ආරම්භ කිරීමට අපේක්ෂා කරන බව ප්‍රවාහන අමාත්‍යංශය වැඩිදුරටත් සඳහන් කරයි.

ප්‍රවාහන නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතා සඳහන් කළේ බස් රථ 10කින් ආරම්භ කළ මෙම සේවාව මේ වන විට බස් රථ 122ක් දක්වා වර්ධනය වී ඇති බවයි. කොළඹින් ලැබූ අත්දැකීම් මත යාපනය සහ මහනුවර දිස්ත්‍රික්ක මෙම ව්‍යාපෘතියේ මීළඟ අදියර සඳහා තෝරාගෙන ඇති අතර, 2029 වසර දක්වා වූ ජාතික සැලැස්ම යටතේ සියයට 100ක රජයේ මූල්‍ය ප්‍රතිපාදන මත ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට නියමිතය.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *