Latestදේශීය

වැඩි ප්‍රතිලාභ සහිත කෘෂි රක්ෂණ යෝජනා ක්‍රමයක්

කාලගුණික හා දේශගුණික විපර්යාස හමුවේ ගොවීන්ගේ වගාවන්ට සිදුවන හානි අවම කර ඔවුන්ගේ ආර්ථික සුරක්ෂිතතාව තහවුරු කිරීම සඳහා සහනදායී වාරික යටතේ වැඩි ප්‍රතිලාභ සහිත කෘෂි රක්ෂණ යෝජනා ක්‍රම රැසක් හඳුන්වා දී ඇතැයි කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය සඳහන් කරයි.

ඒ අනුව වී, බඩඉරිඟු, මිරිස්, අර්තාපල්, ලොකු ලූනු සහ සෝයා වගාවන් සඳහා අක්කරයකට රුපියල් 6,400ක වාරිකයක් ගෙවා රුපියල් 100,000ක රක්ෂණ ආවරණයක් ලබාගත හැකිය.

එමෙන්ම කව්පි, මුංඇට, උඳු, කුරක්කන්, රටකජු, තල සහ කොල්ලු ඇතුළු ක්ෂේත්‍ර භෝග සඳහා අක්කරයකට රුපියල් 4,200ක වාරිකයක් යටතේ රක්ෂණ ආවරණය ලබාගත හැකිය.

ගංවතුර, නියඟය, වන අලි හානි, කෘමි හානි, ගිනි හානි සහ රෝග හේතුවෙන් සිදුවන වගා හානි සඳහා මෙම රක්ෂණ යෝජනා ක්‍රම මගින් ආවරණය සැලසේ.

මේ පිළිබඳ වැඩිදුර තොරතුරු 1918 කෙටි දුරකථන අංකය ඇමතීමෙන් හෝ කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලයේ දිස්ත්‍රික් කාර්යාල වෙතින් ලබාගත හැකිය.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *