බුර්කිනාවේ ෂරියා නීතිය නැහැ – ඉබ්‍රහිම් ට්‍රෝරේ කියයි
(ප්‍රියන්ත මධුකුමාර)
බුර්කිනාවේ බොහෝ මුස්ලිම් නායකයින් ශබ්ද නඟා පැවසීමෙන් වැළකී සිටින දෙයක් කපිතාන් ඉබ්‍රහිම් ට්‍රෝරේ කියල තියෙනවා.
“මම මුස්ලිම් ජාතිකයෙක්, නමුත් බුර්කිනා ෆාසෝහි සෑම කෙනෙකුටම තමන්ගේ ආගම ඇදහීමට අයිතියක් තිබෙනවා. ඒ වගේම මේ රටේ ෂරියා නීතියක් නැහැ.”
මුස්ලිම් බහුතරයක් වෙසෙන රටක මුස්ලිම් නායකයෙක් තම සිසුන්ට පැවසුවේ ඔවුන්ගේ ජාතියේ අනාගතය රඳා පවතින්නේ ඔවුන්ට කියවිය හැකි දේ මත නොව, ඔවුන්ට ගොඩනගා ගත හැකි දේ මත බවයි.
තව දුරටත් සිසුන් ඉදිරියේ කතා කරමින් ට්‍රොරේ මෙහෙම කියල තියෙනවා.
“අපේ රට දියුණු කිරීමට උපකාරී වන තාක්ෂණික දැනුම සහ කුසලතා ලබා ගැනීම වෙනුවට, ඔබ ෂරියා නීතිය හැදෑරීමට තෝරා ගෙන තියෙනවා. ඔවුන් කිසිදු වෘත්තියක් ඉගෙන ගන්නේ නැහැ. මම ඔවුන් සියළු දෙනාම නැවත කැදවනවා”.
සත්‍ය වශයෙන්ම මේ පණිවිඩය යවල තියෙන්නෙ සෞදි අරාබියේ සහ අනෙකුත් අරාබි රටවල ෂරියා නීතිය ඉගෙන ගන්නා සිසුන්ටයි. බුර්කිනාවේ විශාල සිසුන් ප්‍රමාණයක් එහි යවල හෝ ගෙන්වාගෙන තියෙනවා.
මේ සිසුන් නැවැත කැඳවල තියෙන අතර නොඑන සිසුන්ගෙ පුරවැසි භාවය අහෝසි කිරීමටද තීරණය කරල තියෙනවා.
මෙහෙම තීරණයක් ගැනීමට පැහැදිලි හේතු තියෙනවා. බුර්කිනා ෆාසෝවල දහස් ගණනක් මරා දමා මිලියන ගණනක් අවතැන් කළ ජිහාඩ් කැරැල්ලකට එරෙහිව ට්‍රොරේ සටන් කරයි. එම කැරැල්ල මෙහෙයවන දෘෂ්ටිවාදය ට්‍රෝරේ අනුගමනය කරන ඇදහිල්ලේම විකෘති අනුවාදයක්. ඔහු ඉස්ලාමයට පහර දෙන්නේ නෑ. ඔහු ආගම භාවිතා කරමින් සොල්දාදුවන් බඳවා ගැනීමට සහ රාජ්‍යය අස්ථාවර කිරීමට භාවිතා කරන ආනයනික රැඩිකල්වාදයකට පහර දෙයි. මේ තීරණය පිටුපස තිබෙන්නෙ එම සත්‍යයයි.
ඒ වගේම බුර්කිනා ෆාසෝ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව ආගමික හෝ වාර්ගික පදනමක් මත පිහිටුවල තියෙන දේශපාලන පක්ෂ තහනම් කරල තියෙනවා.
සත්‍ය වශයෙන්ම මෙම මූලධර්මය ට්‍රෝරේ නිර්මාණය කළ දෙයක් නෙවෙයි.ඊට පෙර ආණ්ඩු කළ දෙයක්. නමුත් ඔහු එය ආරක්ෂා කරල තියෙනවා.
මීට පෙරද සෞදි අරාබිය බුර්කිනා ෆාසෝවල මුස්ලිම් පල්ලි 200ක් ඉදිකිරීමට ඉදිරිපත් වී තිබෙනවා. නමුත් ඔහු එම යෝජනාව ප්‍රතික්ෂේප කරමින් ඒ වෙනුවට පාසල්, රෝහල් සහ කර්මාන්ත ඉදි කරන්න කියල ඉල්ලා හිටියා.
එම නිසා ඔහුගේ මේ තීරණයත් අඛණ්ඩ අරගලයක කොටසක් කියල කියන්න පුළුවන්. ඒ තමයි රටේ ස්වෙවරීභාවය සහ ජාතික ආරක්ෂාව. ඒ වෙනුවෙන් ඔහු තීරණ ගන්න පැකිලිලා නෑ. ඒ තමයි නායකත්වයේ වගකීම.
මේ කරුණු අතරට මෙයත් කිව යුතුයි. බුර්කිනා ෆාසෝවල දළ වශයෙන් සියයට 64ක් මුස්ලිම් සහ සියයට 26ක් ක්‍රිස්තියානි වන අතර මෙම ප්‍රජාවන් දෙක පරම්පරා ගණනාවක් තිස්සේ සහජීවනයෙන් ජීවත්වෙලා තියෙනවා.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

