Latestදේශීය

ශික්ෂණලාභීන්ගේ මාසික දීමනාව රු. 20,000 දක්වා ඉහළට

2027 අයවැය යෝජනා යටතේ අධ්‍යාපන හා උසස් අධ්‍යාපන ක්ෂේත්‍රයේ සංවර්ධනය වෙනුවෙන් විශේෂ යෝජනා රැසක් ඉදිරිපත් කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.

2027 අයවැය කතාව අද (12) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරමින් ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේය. ඒ අනුව, අධ්‍යාපන විද්‍යාපීඨවල ශික්ෂණලාභීන්ට දැනට ලබාදෙන රුපියල් 10,500ක මාසික දීමනාව 2027 අප්‍රේල් මාසයේ සිට රුපියල් 20,000 දක්වා වැඩි කිරීමට යෝජනා කර තිබේ.

එමෙන්ම, පිරිවෙන්වල අධ්‍යාපනය ලබන භික්ෂු සිසුන්ගේ දෛනික දීමනාව රුපියල් 50 දක්වාත්, ගිහි සිසුන්ගේ දෛනික දීමනාව රුපියල් 25 දක්වාත් ඉහළ නැංවීමට යෝජනා කර ඇත. දහම් පාසල් ගුරුවරුන්ගේ වාර්ෂික දීමනාව රුපියල් 5,000කින් වැඩි කර රුපියල් 12,500 දක්වා ඉහළ නැංවීමට ද මෙවර අයවැයෙන් යෝජනා කර තිබේ.

තවද, පාසල් ඩිජිටල්කරණය සහ යටිතල පහසුකම් සංවර්ධනය වෙනුවෙන් රුපියල් මිලියන 35,000ක මුදලක් වෙන් කර ඇත.

පෞද්ගලික උසස් අධ්‍යාපන ආයතනවල උපාධි පාඨමාලා හැදෑරීම සඳහා රාජ්‍ය බැංකු හරහා ණය පහසුකම් ලබාගන්නා සිසුන්ගේ මාසික යැපීම් දීමනාව රුපියල් 10,000 දක්වා වැඩි කිරීමට ද 2027 අයවැය මඟින් යෝජනා කර තිබේ.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *