“දෙහිබාලේ මල්ලි“ අත්අඩංගුවට
සංවිධානාත්මක අපරාධකරුවෙකු මෙන්ම මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු බව කියන පටබැඳි මද්දුමගේ ශෙහාන් සත්සර හෙවත් දෙහිබාලේ මල්ලි නැමැත්තා විදෙස් රටකදී අත්අඩංගුවට ගෙන තිබේ.
කෙසේ වෙතත් මෙම අත්අඩංගුවට ගැනීම මේ දක්වා මෙරට ආරක්ෂක අංශය වෙත නිල වශයෙන් දැනුවත් කර නොමැති බවද වාර්තා වේ.
ඔහු මෙරටින් පලා ගොස් ඩුබායි රාජ්‍යයේ සැඟව සිටිමින් දකුණු පළාත තුළ මත්ද්‍රව්‍ය ජාවාරම් සිදුකර ඇති අතර සැකකරුට විරුද්ධව මනුෂ්‍ය ඝාතන චෝදනාද එල්ල වී තිබේ.
සැකකරු ඩුබායි රාජ්‍යයේ සිට පසුව යුරෝපයේ රටකට පලාගොස් තිබූ අතර එහිදී එරට ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගෙන ඇතැයිද වාර්තා වේ.
@sinhala.adaderana.lk
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

