උසස් අධ්‍යාපනයට බෙලරූස් යන සිසුන්ට වීසා නිදහස්
උසස් අධ්‍යාපනය හැදෑරීම සඳහා ප්‍රථම වරට බෙලරුස් වෙත පැමිණෙන ශ්‍රී ලාංකික සිසුන්ගේ පැමිණීමේ වීසා ගාස්තුව නිදහස් කිරීමට එරට රජය තීරණය කර ඇතැයි විදේශ කටයුතු අමාත්‍යංශය නිවේදනය කරයි.
ඒ අනුව, බෙලරුස්හි උසස් අධ්‍යාපනය හැදෑරීම සඳහා ප්‍රථම වරට එරටට පැමිණෙන ශ්‍රී ලාංකික සිසුන්ගෙන් අයකරනු ලබන පැමිණීමේ වීසා ගාස්තුවෙන් නිදහස් කිරීමට පියවර ගෙන ඇත. මීට අමතරව, බෙලරුස්හි අධ්‍යාපනය ලබන ශ්‍රී ලාංකික සිසුන්ගේ පවුලේ සාමාජිකයන්ට එරටට පැමිණීම සඳහා වීසා ලබාගැනීමේ ක්‍රියාවලිය සරල කිරීමට ද අවශ්‍ය පියවර ආරම්භ කර තිබේ.
අමාත්‍ය විජිත හේරත් මහතාගේ බෙලරුස් නිල සංචාරයේදී දෙරට අතර උසස් අධ්‍යාපන සහයෝගීතාව ඇතුළු ක්ෂේත්‍ර කිහිපයක සබඳතා ශක්තිමත් කිරීම පිළිබඳව සාකච්ඡා පැවැත්විණි. මෙම නව සහන වැඩපිළිවෙළ මඟින් බෙලරුස්හි උසස් අධ්‍යාපනය හැදෑරීමට අපේක්ෂා කරන ශ්‍රී ලාංකික සිසුන්ට මෙන්ම එරට අධ්‍යාපනය ලබන සිසුන්ගේ පවුල්වල සාමාජිකයන්ට ද පහසුකම් සැලසෙනු ඇත
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

