නාමල්ට එරෙහි ක්‍රිෂ් නඩුව ජනවාරි 18 යළි කැඳවයි
ඉන්දීය ක්‍රිෂ් සමාගමෙන් ලබාගත් රුපියල් මිලියන 70ක මුදලක් අවභාවිත කළ බවට පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාට එරෙහිව පවරා ඇති නඩුව ලබන ජනවාරි 18 වැනිදා යළි කැඳවීමට කොළඹ මහාධිකරණය නියෝග කර තිබේ.
අදාළ නඩුව අද (16) කැඳවූ අවස්ථාවේදී විදේශගතව සිටින පැමිණිල්ලේ පළමු සහ දෙවන සාක්ෂිකරුවන් වන ඉන්දීය ජාතිකයින් දෙදෙනා වෙත යොමු කළ සිතාසි ලැබී ඇත්දැයි තහවුරු කර ගැනීම සම්බන්ධයෙන් අවධානය යොමු විය.
ඒ අනුව, සිතාසි අදාළ සාක්ෂිකරුවන්ට ලැබී තිබේද යන්න ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයෙන් විමසා වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස මහාධිකරණ විනිසුරු නදී අපර්ණා මහත්මිය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කළාය.
සාක්ෂිකරුවන් විදේශගතව සිටින බැවින් විදේශ කටයුතු අමාත්‍යාංශය හරහා එම සිතාසි යොමු කර ඇති නමුත්, ඒවා නිසි පරිදි භාරගෙන තිබේද යන්න මෙතෙක් තහවුරු කර නොමැති බව නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් වසන්ත පෙරේරා මහතා අධිකරණයට දැනුම් දී තිබේ.
නඩුව කැඳවූ අවස්ථාවේදී විත්තිකාර නාමල් රාජපක්ෂ මහතා බන්ධනාගාර නිලධාරීන් විසින් අධිකරණයට ඉදිරිපත් කරනු ලැබීය.
@දිනමිණ
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

