Latestදේශීය

ශෂී වීරවංශට වසර දෙකක සිරදඬුවම්

අවි­ධි­මත් විදේශ ගමන් බල­ප­ත්‍ර­යක් සන්ත­කයේ තබා ගැනීමේ චෝද­නා­වට වර­ද­කා­රිය වූ හිටපු ඇමැති විමල් වීර­වංශ මහ­තාගේ බිරිය ශෂී වීර­වං­ශට කොළඹ ප්‍රධාන මහේ­ස්ත්‍රාත් අධි­ක­ර­ණය මඟින් නියම කර තිබූ වසර දෙකක සිර­ද­ඬු­වම ඇතුළු දණ්ඩ­නය වහාම ක්‍රියා­ත්මක කරන ලෙස ශ්‍රේෂ්ඨා­ධි­ක­ර­ණය ඊයේ (18) නියෝග කළේය.

ශෂී වීර­වංශ මහ­ත්මිය ශ්‍රේෂ්ඨා­ධි­ක­ර­ණ­යට පැමිණ සිටි­යදී බන්ධ­නා­ගාර නිල­ධා­රීන් කැඳවා විවෘත අධි­ක­ර­ණය හමු­වේදී ඇය බන්ධ­නා­ගාර නිල­ධා­රීන්ගේ භාර­යට පත් කළ අග­වි­නි­සුරු ප්‍රීති පද්මන් සූර­සේන, අචල වෙංග­ප්පුලි හා ගිහාන් කුල­තුංග යන මහ­ත්ව­රු­න්ගේන් සම­න්විත ත්‍රිපු­ද්ගල ශ්‍රේෂ්ඨා­ධි­ක­රණ විනි­සුරු මඬුල්ල එම සැක­කා­රිය වහාම කොළඹ මහේ­ස්ත්‍රාත් අධි­ක­ර­ණ­යට ඉදි­රි­පත් කරන ලෙසද බන්ධ­නා­ගාර අධි­කා­රි­ව­ර­යාට නියෝග කළේය.

අවි­ධි­මත් විදේශ ගමන් බල­ප­ත්‍ර­යක් සන්ත­කයේ තබා ගැනීමේ චෝද­නාව යටතේ නීති­ප­ති­ව­රයා විසින් පවරා තිබූ නඩු­වක් විභාග කළ කොළඹ ප්‍රධාන මහේ­ස්ත්‍රාත් අධි­ක­ර­ණය එකී චෝද­නා­වට වර­ද­කා­රිය කරනු ලැබූ ශෂී වීර­වංශ මහ­ත්මි­යට 2022. 05.27 වැනිදා වසර දෙකක සිර­ද­ඬු­වම් හා රුපි­යල් ලක්ෂ­යක දඩ­යක් නියම කර එකී දඩය නොගෙ­වන්නේ නම් තවත් මාස හයක සිර­ද­ඬු­ව­මක් නියම කොට තිබුණි.

එකී දඬු­වම ප්‍රති­ශෝ­ධ­නය කරන ලෙස ඉල්ලා සැක­කා­රිය කොළඹ මහා­ධි­ක­ර­ණය හමු­වට ප්‍රති­ශෝ­ධන අය­දු­ම්ප­තක් ගොනු­කොට තිබූ අතර ඒ සම්බ­න්ධ­යෙන් විභා­ග­යක් පැවැත්වූ කොළඹ මහා­ධි­ක­ර­ණය 2026.06.11 මහේ­ස්ත්‍රාත් අධි­ක­ර­ණය දී තිබූ දඬු­වම් නියෝ­ගය ස්ථිර කර­මින් තීන්දු­වක් නිකුත් කළේය.

එකී මහා­ධි­ක­රණ තීන්දු­වට එරෙ­හිව ශ්‍රේෂ්ඨා­ධි­ක­ර­ණය හමු­වට පෙත්ස­මක් ගොනු­කර සැක­කා­රිය මහේ­ස්ත්‍රාත් අධි­ක­ර­ණයේ නඩු­වට පෙනී සිටී­මෙන් අන­තු­රුව ඇප මත මුදා හැරී­මට මහේ­ස්ත්‍රාත් අධි­ක­ර­ණය නියෝග කළේය.

අදාළ නියෝ­ගය ප්‍රකාශ කර­මින් ශ්‍රේෂ්ඨා­ධි­ක­රණ විනි­සුරු මඬුල්ල පෙන්වා දුන්නේ, මෙම විත්ති­කා­රිය විසින් භාවිත කර ඇත්තේ අවි­ධි­මත් විදෙස් ගමන් බල­ප­ත්‍ර­යක් නොව ව්‍යාජ ගමන් බල­ප­ත්‍ර­යක් බවයි. ඒ බව දැන දැනම එම ගුවන් බල­ප­ත්‍රය ඇය විසින් භාවිත කර ඇති අතර, එම වරද කිරීම වෙනු­වෙන් මහේ­ස්ත්‍රාත් අධි­ක­ර­ණ­යෙන් නියම කරන ලද සිර­ද­ඬු­වම මහා­ධි­ක­ර­ණ­යෙන් තහ­වුරු කිරී­මෙන් පසු ඇයට ඇප ලබා දීමට ගෙන ඇති තීර­ණය දෝෂ­ස­හ­ගත බව විනි­සුරු මඬුල්ල එහිදී පෙන්වා දුන්නේය.

අදාළ පෙත්සම කැඳවූ අව­ස්ථා­වේදී එහිදී විත්ති­කාර ශෂී වීර­වංශ වෙනු­වෙන් පෙනී සිටි ජනා­ධි­පති නීතිඥ සාලිය පීරිස් මහතා කරුණු ඉදි­රි­පත් කර­මින් සිය සේවා­දා­යි­කා­වට එරෙ­හිව එල්ල වූ චෝද­නාව ඇයගේ උපන් දිනය සහ ජාතික හැඳු­නු­ම්පත් අංකය වැරදි ලෙස සඳ­හන් ගමන් බල­ප­ත්‍ර­යක් භාවිත කිරීම බව ද එම කරුණ ඇය විසින් පිළි­ගන්නා බවද කීවේය.

මෙම චෝද­නා­ව­ලට මුල් වූ රාජ්‍ය­තා­න්ත්‍රික විදෙස් ගුවන් ගමන් බල­ප­ත්‍රය භාවිත කර ඇය විදෙස් සංචා­ර­වල නියැළී ඇති බව, අග­වි­නි­සුරු ප්‍රීති පද්මන් සූර­සේන මහතා යොමු කළ ප්‍රශ්න­ය­කට පිළි­තුරු දෙමින් ජනා­ධි­පති නීති­ඥ­ව­රයා සඳ­හන් කළේය. රාජ්‍ය­ත්‍රා­න්ත්‍රික විදෙස් ගමන් බල­ප­ත්‍ර­යක් ලැබී­මට ඇයට හිමි­කම් ඇති බව ද ජනා­ධි­පති නීති­ඥ­ව­රයා එහිදී කීවේය.

‘ස්වාමීනී, වැරදි ජාතික හැඳු­නු­ම්පත් අංකය හෝ උපන් දිනය යෙදුවේ මගේ සේවා­දා­යි­කාව නෙමෙයි. ඇයගේ පැරණි විදෙස් ගමන් බල­ප­ත්‍රය විනාශ කර ඇති බව එව­කට සිටි ආග­මන විග­මන පාල­ක­ව­රයා විසින් මහේ­ස්ත්‍රාත් අධි­ක­ර­ණයේ නඩු විභා­ග­යේදී සඳ­හන් කර තිබෙ­නවා’

යනු­වෙන් ජනා­ධි­පති නීති­ඥ­ව­රයා ප්‍රකාශ කළේය.

‘එසේ විදෙස් ගමන් බල­ප­ත්‍ර­යක් විනාශ කරන්න බෑ. කරන්න පුළු­වන් පැරණි විදෙස් ගමන් බල­ප­ත්‍රය අව­ලංගු කිරීම පම­ණයි. ආග­මන විග­මන පාල­ක­ව­රයා එවැ­න්නක් කළේ කෙසේද?’ යනු­වෙන් විනි­සුරු අචල වෙංග­ප්පුලි මහතා එහිදී විමසා සිටි­යේය.

‘මෙම පාස්පෝට් එක අවි­ධි­මත් නෙවෙයි. එය නීති­යට අනු­කූල නෑ. ආග­මන විග­මන පාලක විසින් නිකුත් කළත් එවැනි පාස්පෝට් එකක් තබා ගැනී­මට ඇති අයි­තිය කුමක්ද?’ යනු­වෙන් අග­වි­නි­සුරු ප්‍රීති පද්මන් සූර­සේන මහතා විමසා සිටි අව­ස්ථා­වේදී ජනා­ධි­පති නීති­ඥ­ව­රයා සඳ­හන් කළේ අදාළ ගුවන් ගමන් බල­ප­ත්‍රය අවි­ධි­මත් එකක් බවයි. ඒ බව සඳ­හන් කර­මින් එව­කට සිටි ආග­මන විග­මන පාල­ක­ව­රයා විසින් ලිපි­යක් නිකු­ත්කර ඇති බව ජනා­ධි­පති නීති­ඥ­ව­රයා සඳ­හන් කළේය.

‘මෙම විදෙස් ගමන් බල­ප­ත්‍රය නිකුත් කළේ කවු­රුන් විසින්ද?’ යනු­වෙන් විනි­සුරු මඬුල්ල එහිදී විම­සී­මක් කළ අව­ස්ථා­වේදී ඊට පිළි­තුරු දෙමින් ජනා­ධි­පති නීති­ඥ­ව­රයා සඳ­හන් කළේ එව­කට ආග­මන විග­මන පාල­ක­ව­රයා ව සිටි චූලා­නන්ද පෙරේරා මහතා විසින් එය නිකුත් කර ඇති බවයි.

‘ස්වාමීනි, මගේ සේවා­දා­යි­කා­වගේ ස්ථාව­රය ඇය අත්සන් කළ අය­දු­ම්පත වෙනත් කෙනකු විසින් පුරවා ඇති බවයි. ඇය එහි කිසි­වක් පුරවා තිබුණේ නෑ. ඇයගේ ඒ බව විත්ති­වා­ච­කයේ සඳ­හන් කළා. මෙම විදෙස් ගමන් බල­ප­ත්‍රය ලබා ගැනී­මට අදා­ළව ආග­මන විග­මන දෙපා­ර්ත­මේ­න්තුවේ තිබූ ගොනුව අස්ථාන ගත වී තිබූ බව තමයි ඇයගේ ස්ථාව­රය’ යනු­වෙන් ජනා­ධි­පති නීති­ඥ­ව­රයා ප්‍රකාශ කළේය.

එහිදී අග­වි­නි­සුරු ප්‍රීති පද්මන් සූර­සේන මහතා පෙන්වා දුන්නේ මෙම තැනැ­ත්තිය ව්‍යාජ විදේශ ගමන් බල­ප­ත්‍ර­යක් භාවිත කර ඇති බවයි. කව­රකු විසින් නිකුත් කළද වැරදි විදෙස් ගමන් බල­ප­ත්‍ර­යක් භාවිත කිරීම වැරදි බව විනි­සුරු මඬුල්ල එහිදී පෙන්වා දුන්නේය.

එම කරුණු පිළි­ගන්නා බව සඳ­හන් කළ ජනා­ධි­පති නීති­ඥ­ව­රයා පෙත්ස­ම්කා­රි­යට නියම කර ඇති දඬු­වම් සම්බ­න්ධ­යෙන් අධි­ක­ර­ණයේ අව­ධා­න­යට යොමු කළේය. එය ඇයට පනවා ඇති දඬු­වම අඩු කරන ලෙස ජනා­ධි­පති නීති­ඥ­ව­රයා අධි­ක­ර­ණ­යෙන් ඉල්ලී­මක් කළේය.

එහිදී විනි­සුරු අචල වෙංග­ප්පුලි මහතා පෙන්වා දුන්නේ අදාළ චෝද­නා­වට අවම දඬු­වම වස­ර­කට නොඅඩු සහ වසර පහ­කට නොවැඩි ලෙස පැන­විය හැකි බවයි.

‘මේ අවි­ධි­මත් පාස්පෝට් එකක් භාවිත කිරී­මක් නෙමෙයි. ඇය දැන දැනම ව්‍යාජ පාස්පෝට් එකක් භාවිත කර ඇති බව බැලූ බැල්ම­ටම පේනවා’ යනු­වෙන් විනි­සුරු ප්‍රීති පද්මන් සූර­සේන මහතා එහිදී ප්‍රකාශ කළේය.

ජනා­ධි­පති නීති­ඥ­ව­ර­යාගේ එම කරුණු දැක්වී­මෙන් පසුව නීති­ප­ති­ව­රයා වෙනු­වෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලි­ස්ටර් ජන­රාල් ජනක බණ්ඩාර මහතා සඳ­හන් කළේ, මෙම තැනැ­ත්ති­යගේ සත්‍ය උපන් දිනය 1967 පෙබ­ර­වාරි පළ­මු­වැ­නිදා බවයි. විවාහ සහ­ති­කය සහ මුල් උප්පැන්න සහ­තික අනුව තහ­වුරු වන බවද නියෝජ්‍ය සොලි­සි­ටර් ජන­රා­ල්ව­රයා සඳ­හන් කළා. එහෙත් ජාතික හැඳු­නු­ම්පතේ උප­න්දි­නය ලෙස සඳ­හන් වන්නේ 1971 වන බවත්, ඇයගේ මුල් විදෙස් ගමන් බල­ප­ත්‍රය විනාශ කර ඇති බවත් ඔහු වැඩි­දු­ර­ටත් සඳ­හන් කළේය.

‘ස්වාමීනි, ඇය විත්ති­වා­ච­කයේ දී පැහැ­දි­ලිව සඳ­හන් කර තිබෙ­නවා ඇය විදෙස් ගමන් බල­ප­ත්‍රයේ උපන් දිනය සහ ජාතික හැඳු­නු­ම්පත් අංකය වැරදි බව. ඇය වැරදි තොර­තුරු ඇතු­ළත් විදෙස් ගමන් බල­ප­ත්‍ර­යක් තබා ගත් බවට පිළි­ගෙන තිබෙ­නවා. එසේ තබා ගැනීම ගැන ඇය පශ්චා­ත්තාප වූයේත් නෑ. එය නිවැ­රදි කර ගැනී­මට ඇය උත්සාහ කර නෑ’ යනු­වෙන් නියෝජ්‍ය සොලි­සි­ටර් ජන­රා­ල්ව­රයා සඳ­හන් කළේය.

‘මෙය නීති­වි­රෝධි යමක් ගෙන ඒමක් වගේ දෙයක් නෙමෙයි. අවි­ධි­මත් පාස්පෝට් එකක් විධි­මත් ලෙස භාවිත කරන්නේ කෙසේද? එවැ­න්නක් සුළු ලෙස සැල­කී­මට බෑ’ යනු­වෙන් විනි­සුරු අචල වෙංග­ප්පුලි මහතා එහිදී ප්‍රකාශ කළේය. මෙවැනි දෙයක් කිරීම නිසා රජ­යට වූ පාඩුව කුම­ක්දැ­යිද ප්‍රශ්න කළේය.

‘ස්වාමීනි මෙවැනි සිදු­වීම් නීතියේ පැවැ­ත්මට සහ ආධි­ප­ත්‍ය­යට තර්ජ­න­යක්. මෙවැනි දේවල් සරල ලෙස සැල­කු­ව­හොත් දැන දැනම වැරදි කිරී­මට ඕනෑම අයකු පෙල­ඹිය හැකියි. තමන්ගේ පාස්පෝට් එකේ වැරදි තොර­තුරු තිබෙන බව දැන දැනම ඇය එය භාවිත කර විදෙස් සංචා­ර­වල නිරත වෙලා තියෙ­නවා’ යනු­වෙන් නියෝජ්‍ය සොලි­සි­ටර් ජන­රා­ල්ව­රයා සඳ­හන් කළේය.

ඉදි­රි­පත් වූ කරුණු සලකා බැලූ විනි­සුරු මඬුල්ල මෙම පෙත්සම නිෂ්ප්‍රභ කිරී­මට තීර­ණය කළේය.

ඉන් අන­තු­රුව ඊයේ (18) ඇය බන්ධ­නා­ගා­ර­යට රැගෙන යනු ලැබීය.

@දිනමිණ


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *