Latestදේශීය

PSTA – PTA වලට එරෙහිව පුළුල් අරගලයක් වටා එකතු වෙන්න – නුවන් බෝපගේ

රාජ්‍ය ත්‍රස්තවාදී PSTA – PTA පනත් ඉරා දමනු ! මැයෙන් කොළඹ පදනම් ආයතනයේදී පසුගිය දා (19) ඒකාබද්ධ ප්‍රකාශනයකට අත්සන් තැබීම සිදු විය.

එහිදී අදහස් දැක්වූ නීතිඥ නුවන් බෝපගේ,

” අපි දන්නවා 1979 ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත නිසා උතුරේත් දකුණේත් දහස් ගණනක් මිනිස්සු ඉතිහාසය පුරා දැවැන්ත මර්දනයකට ලක් වුණා. එදා ICCRP පනත සම්මත වෙනකොට හැමෝම කටවහගෙන හිටියා. හැබැයි ඒ පනතේ තුන්වෙනි වගන්තිය මොනතරම් භයානකද කියලා සමාජයට තේරුනේ ඒ පනත පාවිච්චි කරල අදහස් ප්‍රකාශ කරපු කලාකරුවන්ට නඩු වැටෙනකොට. ඊටපස්සෙ සමාජ මාධ්‍ය ආරක්ෂණ පනත සම්මත වුණා. ඊටපස්සෙ ඒ පනතෙන් ආව පාළවෙනි නඩුව තමයි රෝහණ විජේවීර සහෝදරයා ඝාතනය කරන්න මැදිහත් වුණ මේජර් තෝරදෙණිය ඔහුට එරෙහිව මාධ්‍යයේ ප්‍රකාශ කිරීම නවත්වන්න කියලා දාපු නඩුව. මෙන්න මේ විදිහට ඉතිහාසය පුරාවටම අපි දැක්කේ මේ පනත් අවභාවිතා කරමින් ජනතාවගේ අදහස් ප්‍රකාශ කිරීමට වැට බඳින සිදු වීම්.


දැන් මේ අරගෙන එන්න හදන PSTA සහ POCE පනත් දෙක කියන්නෙත් අධිකරණයෙන් එළියට ගිහිල්ලා විධාකයකය අතට අසීමිත බලයක් එකතුවෙන පනත් දෙකක්. ඉතිහාසයේ මිනිස්සු සඨන් කරලා දිනාගත්ත ප්‍රජාතන්ත්‍රවාදයේ මූලධර්ම මේ පනත නිසා අමු අමුවේ උල්ලංඝනය වෙන්න නියමිතයි. අධිකරණයේ අවසරයකින් තොරව පොලීසියට හමුදාවට හිතුමතේ පුද්ගලයින් රඳවා තියාගන්න මේ පනතෙන් බලය ලැබෙනවා. අධිකරණයට පිටින් ගිහිල්ලා සැකකරුවන් එක්ක එකඟතාවලට එන්න නීතිපතිට පවා මේ පනත්වලින් බලය ලැබෙනවා. අපි දන්නවා මේ රටේ පොලීසි හමුදාව පසුගිය කාලයේ ක්‍රියාකරපු විදිහ. යුද්ධ කාලේ හමුදාවට බාර වුණු දහස් ගණනක් තරුණ තරුණියන් ගැන අදටත් අතුරදන් වෙලා. මේ මෑතක පවා හෝමාගම පොලීසිය අත් අඩංගුවට ගත්ත තරුණයෙක් පැය හයක් යන්නත් කලින් පොලිස් කූඩුව ඇතුලේදි අමානුෂික විදිහට පහර දීලා ඝාතනය කළා. මෙහෙම පොලීසියකට තමයි පුද්ගලයෙක් තව පැය 72ක් රඳව ගන්න අවසර දෙන්න යන්නේ.


මේ පහුගිය දවසේ අභියාචනාධිකරණයේදි රණරාජා විනිසුරුතුමා තීන්දුවක් දුන්නා. මේක විශේෂ තීන්දුවක්. මහාධිකරණය මගින් මත්ද්‍රව්‍ය ඡෝදනාවකට වරදකරු කරපු පුද්ගලයෙක්ට දාලා තිබුණු සියලු ඡෝදනා ගොතපු ඒවා බව තීන්දු කරපු එතුමා ඒ තීන්දුව තමයි එදා අවලංගු කළේ. පුද්ගලයෙක්ට මරණ දඬුවම ලැබෙන තරමට පොලීසියෙන් බොරු ගොතනව නම් ඒක මොනතරම් බරපතළ තත්වයක් ද ? එහෙම නීතියකටද තව බලතල දෙන්න මේ ආණ්ඩුව උත්සහ කරන්නේ ?


කමක් නෑ ඔය පනත් අපිට විරුද්ධව පාවිච්චි වෙන එකක් නෑනේ කියලා අද අපිට ඇස් කන් පියාගෙන ඉන්න පුලුවන්. හැබැයි මේ මර්දනය අපිට විරුද්ධව මේ රටේ ජනතාවට විරුද්ධව පාවිච්චි වෙන දවසක් එනවා. කලාකරුවෙක්ට නිර්මාණයක් කරන්න නිදහසක් නැති ජනතාවට ජීවන බරට එරෙහිව, අයුක්තියට අසාධාරණයට විරුද්ධව හඬ නගන්න බැරි ඉතිහාසයක් තමයි මේ පනත් මගින් නැවත නිර්මාණය වෙන්න නියමිත වෙලා තියෙන්නේ. ඒ නිසා අපි සියලු ජනතාවට කියනවා මේ මර්දන පනත් සියල්ල අහෝසි කරන ලෙස ආණ්ඩුවට බල කරන පුලුල් අරගලයක් වටා එකතුවෙන්න කියලා. “


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *