ප්‍රංශයේ ආධාර නැහැ කියලා අපේ රට මාරාන්තික වෙන්නේ නැහැ – ඊබ්‍රහිම් ට්‍රොරේ
බුර්කිනාවේ ට්‍රොරේ ලංකාවේ අනුරට කියාදෙන පාඩම කුමක් ද?
(ප්‍රියන්ත මධුකුමාර)
බුර් කිනා ෆාසෝ ජනාධිපති ඊබ්‍රහිම් ට්‍රොරේ බලයට පත් වුණායින් පසුව ප්‍රංශය කියල තියෙනවා මින් පසු ආධාර ලබා දෙන්නේ නෑ කියල. ඒ වෙනකොට ප්‍රංශය අවුරුදු 63ක්මබුර් කිනාවේ අයවැයට ආධාර ලබා දීල තිබුණා.
ප්‍රංශයේ මේ නිවේදනය ඇහුවම ට්‍රොරේ දීර් ඝ ලිපියක් ලියමින් මෙහෙම කියල තියෙනවා. “ඔබේ ආධාර අවුරුදු 63ක් තිස්සෙ (1960 සිට) ලැබිලත් රට සංවර් ධනය වෙලා නැත්නම්, ආධාර ලැබුණේ නෑ කියල රට මාරාන්තික වෙන්නෙ නෑ. ඒ වෙනුවට අපිව වැඩ කිරීමට උනන්දු කරනවා “ කියල ඔහු පිළිතුරු දීල තියෙනවා.
2023 වසරේදී බුර් කිනා ෆාසෝ හි ඒක පුද්ගල දළ දේශීය නිෂ්පාදිතය (GDP) ආසන්න වශයෙන් ඇමෙරිකානු ඩොලර් 873ක් වෙලා තිබුණ අතර, රටවල් 193කින් 190 වන ස්ථානයට පත්වෙලා තියෙනවා. මෙය “වසර 63ක් ආධාර කළ බව කියන” යථාර්ථය සමඟ සසඳා බලනකොට පෙනී යන්නෙ මොකක්ද?
මෙයින් පෙනී යන්නෙ, මෙම ආධාර කිසි විටෙකත් සැබවින්ම බුර් කිනා ෆාසෝ සංවර්ධනය කිරීම සඳහා නොව, එය යැපීම තුළ තබා ගැනීම සඳහා නිර් මාණය කරල තියෙන බව නෙවෙයිද?
ලංකාවේ යථාර්ථයත් මෙයම නෙවෙයිද? අවුරුදු 78 ක ආධාර රට සංවර් ධනය කරල තියෙනවද? නෑ… නොමැරී ජීවත් වෙන්න පුළුවන්කම ලැබිල තියෙනවා.
වත්මන් ජනාධිපතිට මේ රටේ ජනතාව බලය දුන්නෙ මේ යැපීම් මානසිකත්වයෙන් මිදිල එඩිතරව රට පාලනය කරන්නයි. අවසානයේ ඔහුත් බිය ගුල්ලෙක් කියල ඔප්පු කරල ඉවරයි.
ප්‍රංශ ආධාර සහිතව 2022දී බුර් කිනාවේ සංවර්ධන වේගය තිබිල තියෙන්නෙ 2..5%කයි. උද්ධමනය 14.3% යි.
නමුත් ප්‍රංශ ආධාර නැතිව මහන්සිවෙලා වැඩ කිරීමෙන් වඩා හොඳ බුර්කිනාවක් ට්‍රෝරේ යටතේ ගොඩනැඟිල තියෙනවා. ඔවුන්ගේ 2026 ආර්ථික වර්ධන වේගය 5.2% දක්වා වැඩිවෙලා තියෙනවා. ඒ වගේම 14.3%ට තුබුණ උද්ධමනය 1.4% දක්වා අඩුවෙලා තියෙනවා.
සියළු ආධාර සහිතව අපේ ජනාධිපති අනුර කුමාර දිසානායක 2024 රට බාර ගන්නකොට සංවර්ධන වේගය 5%යි. උද්ධමනය 1.5%යි.
ඔහුගේ පාලන කාලය තුළ සියළුම ආධාර යහමින් ලැබිලත් 2026 දී සංවර් ධනවේගය 4.7% අඩුවෙලා තියෙනවා. එය 2027දී 4.2% දක්වා අඩුවෙයි කියල පුරෝකථනය කරල තියෙනවා. ඒ වගේම ජනාධිපති අනුර රට භාර ගන්නකොට 1.5%කට තිබුණ උද්ධමනය දැන් 9.2%ත් පහු කර යමින් තියෙනවා.
ඒ කියන්නෙ මොකක්ද? ආධාරවලින්ම රටක් සංවර් ධනය කරන්න බෑ කියන එකයි. ඇත්ත වශයෙන්ම ඒවා යළි විවිධ ව්‍යාපෘති හරහා ධනපතීන්ගෙ මල්ල තර කරන එක විතරයි කරන්නෙ.
රටක් දියණු වෙන්න නම් නිෂ්පාදනය ආර් ථිකය දියුණු කරන්න ඕනි. රාජ්‍ය අංශය ගැන විශ්වාසය තබමින් එඩිතරව වැඩ කරන්න ඕනි.
බුර් කිනාවේ ඊබ්‍රහිම් ට්‍රොරේ භාවිතාවෙන්ම එම පාඩම කියල දීල තියෙනවා. ඒ විතරක් නෙවෙයි ඔප්පු කරලත් තියෙනවා.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

