මත්ද්‍රව්‍ය සැකයට යාත්‍රාවක් නාවික හමුදා අත්අඩංගුවට
හෙරොයින් සහ අයිස් බවට සැක කෙරෙන මත්ද්‍රව්‍ය තොගයක් ප්‍රවාහනය කරමින් තිබූ යාත්‍රාවක් සමග සැකකරුවන් 07දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
ඒ ශ්‍රී ලංකා නාවික හමුදාව, දෙවුන්දරට දකුණු දෙසින් වූ ජාත්‍යන්තර මුහුදේ සිදු කළ විශේෂ සෝදිසි මෙහෙයුමකදීයි.
නාවික හමුදාව දේශීය හා විදේශීය බුද්ධි අංශ සහ සමුද්‍රිය හවුල්කරුවන් සමඟ එක්ව, ශ්‍රී ලංකාවේ අනන්‍ය ආර්ථික කලාපයෙන් ඔබ්බට මත්ද්‍රව්‍ය වැටලීමේ මෙහෙයුම් දියත් කිරීමේ ප්‍රතිඵලයක් ලෙස, මෙම මෙහෙයුම සාර්ථකව සිදු කර ඇත.
ඒ අනුව, නාවික හමුදා භාරයට ගත් සැකකරුවන් සමඟ ධජ රහිත යාත්‍රාව, මේ වන විට ඉදිරි විමර්ශන සහ නීතිමය කටයුතු සඳහා පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය වෙත භාර දීමට ගොබිමට රැගෙන එමින් සිටියි.
ඉන්දියානු සාගරයේ ඇති නෞකා ගමන් මාර්ග ඔස්සේ නිදහස් මුහුදු ගමනාගමනය තහවුරු කිරීම වෙනුවෙන්, ශ්‍රී ලංකා නාවික හමුදාව කලාපීය සහ ජාත්‍යන්තර හවුල්කරුවන් සමඟ සිදුකල ශක්තිමත් සම්බන්ධීකරණයක ප්‍රතිඵලයක් ලෙස මෙම මෙහෙයුම සාර්ථකව සිදුකිරීමට හැකිව තිබේ.
එමෙන්ම, ශ්‍රී ලංකා නාවික හමුදාව ලොව විශාලතම බහු ජාතික නාවික සන්ධානය වන, ඒකාබද්ධ සමුද්‍රීය බලකායේ සාමාජිකත්වය ලබා තිබීම සහ කොළඹ තොරතුරු විලයන මධ්‍යස්ථානය හරහා තත්‍යකාලීන නිවැරදි තොරතුරු සහිතව සමුද්‍රීය වසම් පිළිබඳ සියලු සමුද්‍රිය පාර්ශ්වයන්ගේ දැනුවත්භාවය ශක්තිමත් කර ඇත.
කොළඹ තොරතුරු විලයන මධ්‍යස්ථානය හරහා බුද්ධි තොරතුරු සහ සමුද්‍රීය තර්ජන තක්සේරු කිරීම් සඳහා චන්ද්‍රිකා තාක්ෂණය ඇතුළු නවීන තාක්ෂණය ඔස්සේ ලබාගන්නා දත්ත ඒකාබද්ධ කෙරෙන අතර, ශ්‍රී ලංකා ගුවන් හමුදාව සමඟ සිදුකෙරෙන ඒකාබද්ධ ගුවන් ආවේක්ශන සහ නිරීක්ෂණ මගින්, සාගරයේ නිරීක්ෂණ වපසරිය පුළුල් කර ඇත.
මත්ද්‍රව්‍ය උවදුර පිටුදැකීම වෙනුවෙන් පසුගිය 2025 වර්ශයේ ඔක්තෝම්බර් මාසයේදී රජය විසින් ආරම්භ කරන ලද “රටම එකට” ජාතික මෙහෙයුමේ දිගුවක් ලෙස ජාත්‍යන්තර මුහුදේදී මෙම මත්ද්‍රව්‍ය අත්අඩංගුවට ගැනීමේ සාර්ථක මෙහෙයුම සිදුකරනු ලැබීය.
ඒ අනුව, “රටම එකට” ජාතික මෙහෙයුම ආරම්භ වූ දා සිට මේ දක්වා සිදුකල මෙහෙයුම් මගින්, නාවික හමුදාව රුපියල් බිලියන 116 කට අධික (රුපියල් කෝටි 11,600) දල වීථි වටිනාකමකින් යුත් මත්ද්‍රව්‍ය අත්අඩංගුවට ගැනීම සිදු කර ඇත. 2026 වර්ශයේ ජනවාරි මාසයේ සිට මේ දක්වා සිදුකල මෙහෙයුම් මගින්, විදේශීය යාත්‍රා 04 ක් ඇතුළුව යාත්‍රා 66 ක් සහ විදේශීය පුද්ගලයන් 18ක් ඇතුළුව සැකකරුවන් 379 ක් නීතිය හමුවට පමුණුවා ඇත.
@දිනමිණ
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

