රෝහිතගෙන් පැය 04ක් ප්‍රශ්ණ කරයි
සුප්‍රීම්සැට් (SupremeSAT) චන්ද්‍රිකා ගනුදෙනුව සම්බන්ධයෙන් කෙරෙන විමර්ශනයකට අදාළව මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය (FCID) හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ බාල පුත් රෝහිත රාජපක්ෂ මහතාගෙන් ප්‍රකාශයක් ඊයේ (26) සටහන් කරගෙන තිබේ. මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය විසින් දීර්ඝ ලෙස පැය 4ක් ඔහුගෙන් ප්‍රකාශ සටහන් කරගෙන ඇති බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කළේය.
විමර්ශනයට අදාළ වැදගත් කරුණු රැසක් මෙහිදී අනාවරණය වී ඇතැයි උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය. අවශ්‍යතාවක් පැනනැගුණහොත් රෝහිත රාජපක්ෂ මහතා නැවතත් ඉදිරි දිනක කැඳවනු ඇති බව ද එම නිලධාරියා වැඩිදුරටත් සඳහන් කළේය.
@දිනමිණ
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

