මිලියන 180ක හෂීෂ් අත්අඩංගුවට
මැලේසියාවේ සිට මෙරටට එවන ලද පාර්සල් තුනක සඟවා තිබූ රුපියල් මිලියන 181.93ක ඇස්තමේන්තුගත වීථි වටිනාකමකින් යුත් හෂීෂ් (Hashish) මත්ද්‍රව්‍ය තොගයක් පෑලියගොඩ ප්‍රදේශයේ පිහිටි රේගු ගුදමකදී අත්අඩංගුවට ගත්බව ශ්‍රී ලංකා රේගුව සඳහන් කරයි
ශ්‍රී ලංකා රේගුවේ මත්ද්‍රව්‍ය පාලන අංශයේ (NCU) සහ අදාළ රේගු ගුදමේ සේවයේ නියුතු නිලධාරීන් විසින් සිදු කළ විශේෂ මෙහෙයුමකදී මෙම මත්ද්‍රව්‍ය තොගය සොයාගෙන ඇත.
මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් විසින් සිදු කළ විශේෂ පරීක්ෂාවකදී සැකකටයුතු පාර්සල් තුනක් හඳුනාගෙන තිබේ. ඒවා භාරගැනීමට පැමිණෙන පුද්ගලයන් අත්අඩංගුවට ගැනීමේ අරමුණින් අදාළ පාර්සල් රඳවා තබා ගැනීමට රේගු නිලධාරීන් පියවර ගෙන ඇත.
කෙසේ වෙතත්, නියමිත කාලසීමාව තුළ කිසිවකුත් එම පාර්සල් භාරගැනීමට නොපැමිණීම හේතුවෙන් පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ (PNB) නිලධාරීන් ඉදිරියේ ඒවා විවෘත කර පරීක්ෂා කර තිබේ.
එහිදී පාර්සල් තුන තුළ සඟවා තිබූ හෂීෂ් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 18,193ක් (කිලෝග්‍රෑම් 18.193ක්) සොයාගෙන ඇති අතර, එහි ඇස්තමේන්තුගත වීථි වටිනාකම රුපියල් 181,930,000කි.
මූලික රේගු විමර්ශන කටයුතු අවසන් කිරීමෙන් අනතුරුව අත්අඩංගුවට ගත් මත්ද්‍රව්‍ය තොගය වැඩිදුර විමර්ශන සහ නීතිමය කටයුතු සඳහා ශ්‍රී ලංකා රේගුවේ මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් විසින් පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය වෙත භාර දී තිබේ.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

