දෙසැ. 01 විරෝධතාවයක සැරසෙන වෘත්තිකයෝ
අයවැයට විරෝධය පලකරමින් දෙසැම්බර් මස පළමුවනදා පොල්දූව මංසංධියේ දැවැන්නත විරෝධතා ව්‍යාපාරයක් සංවිධානය කර ඇති බව අධ්‍යාපන වෘත්තිකයින්ගේ සංගමය පවසයි.
එම සංගමයේ සභාපති උලපනේ සුමංගල හිමියන් සඳහන් කළේ, එදින අධ්‍යාපන අමාත්‍යාංශයේ වැය ශීර්ෂය පාර්ලිමේන්තුවේ විවාදයට ගැනීමට නියමිත බැවින් මෙම විරෝධතාව සංවිධානය කර ඇති බවය.
අධ්‍යාපනය සඳහා සියයට හයක් වෙන් කරන බවට වූ පොරොන්දුව මත වත්මන් අගමැතිනිය දේශපාලන ගමන ආරම්භ කළ බව පෙන්වා දුන් උලපනේ සුමංගල හිමියන්, බලයට පත්වීමෙන් පසු එම පොරොන්දුව ඉටු කර තිබේද යන්න සම්බන්ධයෙන් රජය පැහැදිලි කළ යුතු බව ප්‍රකාශ කළහ.
එමෙන්ම, පළමු වැනිදා පැවැත්වෙන විරෝධතාවයෙන් අනතුරුව සිය වෘත්තීය ක්‍රියාමාර්ග තවදුරටත් දැඩි කිරීමට සූදානම් බවද උලපනේ සුමංගල හිමියෝ අවධාරණය කළහ.
එහිදී අදහස් දැක්වූ උලපනේ සුමංගල හිමියන්,
‘’පළවෙනිදා අපේ වැය ශීර්ෂය සාකච්ඡාවට ගැනෙන දවස. අධ්‍යාපන වැය ශීර්ෂය. රටේ අධ්‍යාපන ඇමතිතුමිය, අගමැතිතුමිය හැටියට තමන්ගේ දේශපාලන ව්‍යාපෘති ආරම්භ කරන්නට යෙදුණේ පිටේ සියයට හය ගහගෙන. සියයට හයක් අධ්‍යාපනයට වෙන් කළා කියන සටන් පාඨයෙන් තමයි දේශපාලන අවතීර්ණ වෙන පසුබිම හැදුණේ. සියයට හය පිටේ ගහගෙන ඇවිල්ලා බලය ලබා ගත්තට පස්සේ දැන් සියයට හය ගහගන්නේ ඊට වැඩිය පල්ලෙහායින්ද කියන එක තමයි අපිට අහන්න තියෙන්නේ. අපි එන්නේ පාර්ලිමේන්තුව වටරවුමට පොල්දූව මංසන්ධියට. වැය ශීර්ෂය ඉදිරිපත් කරන්නේ තමන්ට දේශපාලන පසුබිම සකස් වෙච්ච සියයට හය සටන පාවා දීලද? කෝ දැන් සියයට හය? අපේ වෘත්තිය ක්‍රියාමාර්ග පළවෙනිදා අපි පොල්දූවට කැඳවලා තියෙනවා. අපි තවත් දැඩි කරනවා ඉදිරියේදී. අපිට ඒ ශක්තිය තියෙනවා. අපි බලමු මහින්ද ජයසිංහටද ගුරු විදුහල්පතිවරුන්ගේ බලය තියෙන්නේ? එහෙමත් නැත්නම් පොදු ගුරුවරු විදුහල්පතිවරු නියෝජනය කරන වෘත්තිය සංගම්වලටද බලය තියෙන්නේ කියන එක.”
මේ අතර, 2027 අයවැය මගින් විශ්වවිද්‍යාල අනධ්‍යයන සේවකයින්ගේ ගැටලු සහ ඔවුන් සමඟ ඇති කරගත් එකඟතා සම්බන්ධයෙන් කිසිදු අවධානයක් යොමු කර නොමැති බව විශ්වවිද්‍යාල වෘත්තීය සමිති ඒකාබද්ධ කමිටුව පවසයි.
එහි සම සභාපති ධම්මික එස්. ප්‍රියන්ත මහතා සඳහන් කළේ, මේ සම්බන්ධයෙන් පසුගිය 18 වැනිදා විරෝධතා ව්‍යාපාරයක් පැවැත්වූ බවත්, 25 වැනිදා ජනාධිපති ලේකම් කාර්යාලයට ගොස් සිය ගැටලු ඇතුළත් සංදේශයක් භාරදුන් බවත් ය.
එසේම, අදාළ ගැටලු විසඳන තෙක් විශ්වවිද්‍යාල පද්ධතිය තුළ අර්බුදකාරී තත්ත්වයක් නිර්මාණය වීමේ අවදානමක් පවතින බවද ඔහු අනතුරු ඇඟවීය.
එහිදී අදහස් දැක්වූ ධම්මික එස්. ප්‍රියන්ත මහතා,
”මේ වෙනකොට 2027 අයවැය නිකුත් කරලා තියෙනවා. ඒ අයවැය තුළ විශ්වවිද්‍යාල පද්ධතියේ අනධ්‍යයන කාර්ය මණ්ඩලය ගැන කිසිම සටහනක් නෑ. අපිත් එක්ක ආපු එකඟතාවයන් කිසිවක් ඒ තුළ අන්තර්ගත වෙලා නෑ. මේකට විරෝධය දක්වලා අපි ප්‍රථමයෙන් 18 වැනිදා උද්ඝෝෂණ ව්‍යාපාරයක් පැවැත්තුවා. ඒ වගේම අපි 25 වැනිදා ජනාධිපති ලේකම් කාර්යාලයට ගියා. ගිහිල්ලා අපි එදා සංදේශයක් භාර දුන්නා. එතනදිත් අපි ඉතා පැහැදිලිව කිව්වා මේ ප්‍රශ්න ඉවර කරන්න ජනාධිපතිතුමා මැදිහත් වෙලා වහාම සාකච්ඡාවක් දීලා වර්තමාන රජයේ එතුමාගේ අයවැයේ විශ්වවිද්‍යාලයට කර අසාධාරණය, අගතිය නිවැරදි කරන්න අවශ්‍ය කටයුතු කරන්න ඕනේ කියලා. මොකද මේ රටේ මෙතෙක් බිහි වූ කිසිදු රජයක් වර්තමාන රජය වගේ විශ්වවිද්‍යාල ප්‍රජාවට, විශ්වවිද්‍යාල පද්ධතියට මේ වගේ අසාධාරණයක් කරලා නෑ. ඒ නිසා අපි ඉතාමත්ම ඕනෑකමින් වර්තමාන රජයට කියනවා වහාම ඒක නිවැරදි කරන්න අවශ්‍ය මැදිහත් වීම කරන්න. අපි නැවතත් දෙසැම්බර් පළවෙනි දින සියලුම ප්‍රජාව කොළඹට කැඳවලා උද්ඝෝෂණ ව්‍යාපාරයක් දියත් කරනවා රජයේ මේ ක්‍රියාකලාපයට එරෙහිව. ඒ නිසා අපි රජයට නැවත නැවතත් කියනවා වහාම මැදිහත් වෙලා මේක නිවැරදි කරන්න. එසේ නොවන්නේ නම් වර්තමාන රජය විසින් නිර්මාණය කරන ලද ඒ ගැටලු නිරාකරණය කරන තෙක් විශ්වවිද්‍යාල පද්ධතිය තුළ අර්බුද නිර්මාණය වෙයි.”
මේ අතර, නිදහස් වෘත්තීය සමිති මධ්‍යස්ථානය සියලු වෘත්තීය ක්‍රියාමාර්ග සඳහා සහාය දැක්වීමට තීරණය කර ඇති බව එහි සභාපති සිරිතුංග ජයසූරිය මහතා පවසයි.
රජය වෘත්තීය සමිතිවල ඉල්ලීම් සම්බන්ධයෙන් සාධනීය ප්‍රතිචාරයක් දැක්වීම වෙනුවට තර්ජනාත්මක ස්වරූපයකින් කටයුතු කරන බවත්, කම්කරු ජනතාවගේ අයිතිවාසිකම් වෙනුවෙන් ඉදිරිපත් වන වෘත්තීය සමිතිවලට එරෙහිව බලපෑම් කිරීම පිළිගත නොහැකි බවත් ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.
සිරිතුංග ජයසූරිය මහතා අවධාරණය කළේ, එමෙන්ම ගුරුවරුන් විසින් නොවැම්බර් 30 වැනිදා සිට ආරම්භ කිරීමට නියමිත විරෝධතා ක්‍රියාමාර්ගය තීරණාත්මක වනු ඇති අතර එම ක්‍රියාමාර්ගය සාර්ථක කර ගැනීම සඳහා නිදහස් වෘත්තීය සමිති මධ්‍යස්ථානයේ පූර්ණ සහාය ලබාදෙන බවය..
එහිදී අදහස් දැක්වූ නිදහස් වෘත්තීය සමිති මධ්‍යස්ථානයේ සභාපති සිරිතුංග ජයසූරිය මහතා,
”ගුරුවරු ඒ වගේම රාජ්‍ය සේවකයෝ විශාල වශයෙන් තමන්ගේ ඉල්ලීම් ඉදිරිපත් කරලා තියෙන්නේ. ආණ්ඩුව අද චණ්ඩි පාට් දාන්න පටන් අරන් තියෙනවා. අනුර කුමාර එයාගේ වෘත්තීය සමිති කැඳවලා අපි දන්නේ නෑ ඔක්කොම ආවේ සාමාජිකයෝද ඒගොල්ලන්ගේ පැලවත්තේ සාමාජිකයෝද කියලා. කොහොමහරි හාර පන්දාහක් ඒගොල්ලෝ ගේනවනේ. මේගොල්ලෝ ගෙනල්ලා ඉවර වෙලා ජනතාවට කම්කරු පන්තියට තර්ජනයක් කරනවා බලහත්කාරයෙන් කෑගහලා ගන්න බෑ එහෙම නම් දෙන්නෙම නෑ කියලා. ඔයිට වඩා ලොකුවට කතා කරපු ජනාධිපතිවරු අපි දැකලා තියෙනවා. ඔයිට වඩා ලොකු දේවල් කියලා හොම්බෙන් ගියපු ජනාධිපතිවරුත් අපි දැකලා තියෙනවා. අද කම්කරුන්ට විරුද්ධව එළිපිට කතා කරන මේ මහින්ද ජයසිංහ සමඟ සාකච්ඡාවලට වෘත්තීය සමිති යෑම ගැන නැවත හිතා බලන්නට ඕනේ. මේකෙන් ප්‍රයෝජනයක් නෑ. එයා තනිකරම ධනපති ආණ්ඩුවේ ගැත්තරයෙක්, ආරක්ෂකයෙක් බවට පත් වෙලා තියෙන්නේ. තිස් වෙනිදා ආරම්භ වෙන ගුරුවරුන්ගේ විරෝධය දැක්වීමේ කටයුත්ත ඉතාම තීරණාත්මක තැනකට පත්වෙයි. ඒ සඳහා අපේ නිදහස් වෘත්තීය සමිති මධ්‍යස්ථානයේ සම්පූර්ණ සහයෝගය ප්‍රකාශ කරනවා විතරක් නෙවෙයි ඒක සාර්ථක කිරීම වෙනුවෙන් අපිට කරන්න පුළුවන් හැම දෙයක්ම කරනවා.”
@sinhala.adaderana.lk
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

