Latestදේශීය

දුෂ්මන්ත සඳරුවන් ඝාතනයේ සැකකරුවන් තිදෙනා බන්ධනාගාරයට

බෙර වාදන ශිල්පියෙකු ලෙස කටයුතු කළ දුෂ්මන්ත සඳරුවන් නැමැති පුද්ගලයා ඝාතනය කර වළදැමූ සැකකරුවන් තිදෙනා දෙසැම්බර් මස 8වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

දුෂ්මන්ත අතුරුදන්ව දින 6ක් ගතවීමෙන් පසු ඊයේ(28) රාත්‍රීයේ කැස්බෑව පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක සමන් ගමගේ මහතාට පෞද්ගලික ඔත්තුකරුවෙකුගෙන් දුරකථන ඇමතුමක් ලැබී තිබුණි.

ඔත්තුකරු පවසා ඇත්තේ අතුරුදන්වූ දුෂ්මන්ත මංජු නැමැත්තා සහ ඔහුගේ මිතුරන් පිරිසක් විසින් ඝාතකය කර ඇති බවටයි.

සිය බිරිඳට පැවසූ පරිදිම මංජුගේ නිවසට පැමිණි දුෂ්මන්ත ඉන්පසු හෙරළියාවල ප්‍රදේශයේ පිහිටි දේවාලයක පිටුපස කාමරයකට රැගෙන ගොස් එහිදී පොලුමුගුරුවලින් පහරදී ඝාතනය කර ඇති බවද ඔත්තුකරු පවසා තිබුණි.

ඔහු වැඩිදුරටත් හෙළිකර ඇත්තේ අලවංගුවක් ආධාරයෙන් අස්ථි බිඳ දුෂ්මන්තගේ සිරුර බෑගයක් තුළ දමා ඝාතනය කළ ස්ථානයට මීටර් 500ක් පමණ දුරින් වූ ඇල ඉවුරට ගෙන ගොස් එහි වළදමා ඇති බවයි.

ඒ අනුව වහාම ක්‍රියාත්මක වූ කැස්බෑව පොලිස් ස්ථානයේ නිලධාරීන් මේ පිළිබඳව විමර්ශන ආරම්භ කළ අතර එහිදී දුෂ්මන්ත සිය යතුරුපැදියෙන් මංජුගේ නිවස දෙසට ගමන් කරන CCTV දර්ශන සොයාගනු ලැබීය.

අනතුරුව ඝාතනයට සම්බන්ධ ප්‍රධාන සැකකරු වන මංජු සහ තවත් අයෙක් කහපොළ ප්‍රදේශයේදීත්, දේවාලය භාර කපුවා හෙරළියාවල ප්‍රදේශයේදීත් අත්අඩංගුවට ගැනුණි.

දුෂ්මන්ත පැමිණි යතුරුපැදිය සහ ඔහුගේ ගමන්මල්ලද සඟවා තිබියදී සොයාගැනුණු අතර ඝාතනයෙන් අනතුරුව යතුරුපැදිය සැඟවීම සඳහා රැගෙන ගොස් තිබේ.

ඝාතනය සිදුකරන ආකාරය දෙවැනි සැකකරු විසින් සිය ජංගම දුරකථනයෙන් වීඩියෝගත කර පසුව මකාදමා ඇති අතර එම ජංගම දුරකථනයද රජයේ රස පරීක්ෂකවරය‍ෙ වෙත ඉදිරිපත්කිරීමට නියමිතයි.

ඝාතනයට අදාළ තවත් සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීමට නියමිත අතර දුෂ්මන්තගේ සිරුරද අද(29) ගොඩගැනීමට නියමිතව ඇති බව පොලීසිය පවසයි.

@sinhala.adaderana.lk


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *