හෙට වර්ජනයට GMOA නැහැ
හෙට දිනයේදී කිසිදු වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයකට සහභාගී නොවන බවත්, දැනට ආරම්භ කර ඇති ‘කළු සතිය’ තුළ රජයේ සාධනීය ප්‍රතිචාරයක් අපේක්ෂාවෙන් සිටින බවත් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය (GMOA) ප්‍රකාශ කරයි. මෙම ඉල්ලීම් පිටුපස කිසිදු පක්ෂ පාට භේදයක් නොමැති බවත්, මෙය සමස්ත වෛද්‍ය වෘත්තිකයන්ට බලපාන පොදු ගැටලුවක් බවත් එම සංගමය පෙන්වා දෙයි.
මෙම ගැටලු විසඳීමේ අවසන් ප්‍රතිඵලය හිමි වන්නේ මෙරට පොදු මහජනතාවට බව සඳහන් කරන රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය, වෛද්‍යවරුන්ට ලංකාව තුළ සේවය කිරීමට සුදුසු යහපත් පරිසරයක් ඇති කිරීමට රජය පියවර ගනු ඇතැයි අපේක්ෂා කරයි. ඉදිරියේදී ගනු ලබන වෘත්තීය ක්‍රියාමාර්ග සම්පූර්ණයෙන්ම තීරණය වන්නේ රජය මේ සම්බන්ධයෙන් දක්වන ප්‍රතිචාරය සහ ක්‍රියාකාරීත්වය මත බව ද එම සංගමය වැඩිදුරටත් අවධාරණය කර සිටී.
@දිනමිණ
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

