Latestදේශීය

උසස් පෙළ හා පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය කවදාද ?

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය ඔක්තෝබර් මස 12 වන දින සිට නොවැම්බර් 6 වන දින තෙක්ද, පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය ඔක්තෝබර් මස 11 වන දිනද පැවැත් වීමට තීරණය කළ බව අද(20) පෙරවරුවේ අධ්‍යාපන අමාත්‍යංශයේ පැවති විශේෂ මාධ්‍ය හමුවකට එක්වෙමින් අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම්වරයා සඳහන් කළේය.

සාමාන්‍ය පෙළ පැවැත්වෙන දින පිළිබඳ දැනට තීරණයක් ගෙන නොමැති අතර ඒ අනුව ලබා දුන් සෞඛ්‍ය උපදෙස් වලට අනුකූලව අගෝස්තු 10 වන දා සිට සියළුම පාසල් ආරම්භ කරන බවද ලේකම්වරයා සදහන් කලේය.

ප්‍රථම වතාවට අධ්‍යාපන අමාත්‍යංශය මගින් විදුහල්පතිවරු ,ගුරුවරු , උසස් පෙළ සිසුන් සහභාගී කරවාගෙන සමීක්ෂණයක් සිදුකළ බවත් දරුවන්ගෙන් සියයට පණහක් පමණ දෙනා විභාගය කල් නොදමන්නැයි ඉල්ලීම් කළ බවද ලේකම්වරයා වැඩිදුරටත් කීය


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *