දේශීය

ශ්‍රී ලංකන් ගුවන් සමාගම දියුණු කිරීමට වසරක සැලැස්මක්

ශ්‍රී ලංකන් ගුවන් සමාගම විකිණීමට කිසිඳු සූදානමක් නැතැයි සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග මහාතා ප්‍රකාශ කළේය. එතුමා මෙසේ පැවසුවේ කටුනායක පිහිටි ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ නිළධාරීන් සමඟ පැවති සාකච්ඡාවක දී ය.

එහි දී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පැවසුවේ, රටේ ජාතික ගුවන් සේවයක් පැවති නිසයි කොරෝනා සමයේ විදේශ රටවල අවතැන් වූවන් මෙරටට ගෙන්වා ගන්න පුළුවන් වුණේ. ඒ නිසා ශ්‍රී ලංකන් ගුවන් සමාගම විකුණා දැමීමට කිසිඳු සූදානමක් නෑ. ජාතික සම්පත් විකුණන් කෑම ගෝඨාභය – මහින්ද ආණ්ඩුවේ ප්‍රතිපත්තිය නොවේ. ශ්‍රී ලංකන් ගුවන් සමාගම ලාභ ලබන ආයතනයක් බවට පත් කිරීමට අසීරු වූවත් එයින් ලබන පාඩුව අවම කිරීමට පියවර ගත යුතුයි.

යහපාලන ආණ්ඩුවට ඕන වුණේ ශ්‍රී ලංකන් ගුවන් සමාගම විකුණලා දාන්න. ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා බලයට පත්වුණාම තමයි ශ්‍රී ලංකන් සුරක්ෂිත වුණේ. සංචාරක අමාත්‍යාංශය යටතේ තමයි ගුවන් තොටුපළ, ශ්‍රී ලංකන්, අපනයන සැකසුම් කළාප තිබෙන්නේ. දැන් අපිට කොවිඩ් එක්කම වැඩ කරන්න වෙනවා. ඒ නිසා ඒකට ගැළපෙන වැඩපිළිවෙලක්  හදන්න ඕනේ.

ශ්‍රී ලංකන් ගුවන් සමාගම දියුණු කිරීම සඳහා වසරක ක්‍රියාකාරී සැලැස්මක් ඉදිරි සති 03ක කාලය ඇතුළත සකසා අවසන් කර රාජ්‍ය ඇමති ඩි.වි.චානක මහතාටත් සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග මහතාටත් භාරදෙන ලෙසත් එය වසරක් තුළ ක්‍රියාත්මක කල යුතු බව සහ ක්‍රියාත්මක නොකරන ආයතන ප්‍රධානීන් සම්බන්ධයෙන් වග කිය යුතු බවත් ප්‍රසන්න රණතුංග මහතා වැඩි දුරටත් අවධාරණය කළේය.

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?