දේශීය

“අධ්‍යාපන ක්‍රමයේ වෙනස්කම් සිදුවිය යුතුයි” – අමාත්‍ය ජී. එල්. පීරිස්

වර්තමාන අධ්‍යාපන ක්‍රමයේ පවතින අඩුපාඩු හේතුවෙන් වර්තමාන අධ්‍යාපන ක්‍රමය නැවත ප්‍රතිසංස්කරණය කළ යුතු බව අමාත්‍ය ජී. එල්. පීරිස් මහාතා පැවසීය.

ඊයේ (17) දින  අධ්‍යාපන අමාත්‍යාංශයේදී පැවති සාකච්ඡාවකදී  අමාත්‍යවරයා මෙසේ පැවසුවේය.

විෂයානුබද්ධ කරුණු මතක තබා ගැනීමත් එයාකාරයෙන්ම විභාගයට ලිවීමත් අධ්‍යාපන ක්‍රමයේ අරමුණ නොවන බවත් එය ලංකාව තුළ තියෙන අධ්‍යාපන ක්‍රමයේ ප්‍රධානතම අඩුපාඩුවක් බවත් අමාත්‍යතුමා එහි දී පෙන්වා දුන්නේය. එයට විසඳුම් ලෙස නව විෂයන් හඳුන්වා දීම තුළින් සිසු සිසුවියන්ගේ අධ්‍යාපන වර්ධනය ලබාගත හැකි බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

ඉදිරි කාලය තුළ එම අධ්‍යාපන ඉලක්ක සපුරා ගැනීමට උපරිමයෙන් කටයුතු කරන බවද අධ්‍යාපන අමාත්‍ය ජී. එල්. පීරිස් මහාතා පැවසීය.

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?