අධ්‍යාපන ක්ෂේත්‍රයේ වෙනසක් ? ජී. එල්. පීරිස්
වර්තමානයට සුදුසු ලෙස විෂය මාලාවන් නවීකරණයට හා සංවර්ධනයට අදාළ කැබිනට් පත්‍රිකාවක් ඉදිරියේ දී සකස් කිරීමට පියවර ගන්නා බව අධ්‍යාපන අමාත්‍ය ජී. එල්. පීරිස් මහතා පැවසීය. මෙරට ප්‍රධාන පාසල් කිහිපයක විදුහල්පතිවරුන් සමඟ ඊයේ(20) දින අධ්‍යාපන අමාත්‍යංශයේදී පැවැත් වූ සාකච්ඡාවක දී ඔහු විසින් මේ බව සඳහන් කළේය.
මෙහි දී විදුහල්පතිවරුන් සමඟ අධ්‍යාපන ක්ෂේත්‍රයේ සිදුවිය යුතු වෙනස්කම් පිළිබඳව සාකච්ඡා කළ අමාත්‍යතුමා පැවසුවේ දරුවන්ගේ විශ්ලේෂණාත්මක බුද්ධිය සහ විවේචනාත්මකව සිතීමට දරුවන්ට ඇති හැකියාව වර්ධනය කළ යුතු බවයි.
උසස් පෙළ පන්ති සඳහා පෙළපොත් නොමැතිවීම සම්බන්ධයෙන් පැනනැගී ඇති ගැටලුව සඳහා විශේෂ අවධානයක් යොමු කරන බව අමාත්‍යතුමා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.
