රට පනින්න ගිය 4ක් කටුනායකදී අත්අඩංගුවට
අපරාධ රැසකට සහ ජාවාරම් රැසකට සම්බන්ධ සැකකරුවන් සිව් දෙනෙකු කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළ පරිශ්‍රයේ දී අත්අඩංගුවට ගෙන තිබේ.
මොවුන් සිව් දෙනා නමින් වැල්ලේ සාරංග හෙවත් ගමගේ සාරංග, කතලුව ලියනගේ බුද්ධික සංජීව, තාබ්දීන් මොහොමඩ් සුබීර්, රණසිංහ ආරච්චිගේ ඉෂාර ලක්මාල් යන අය වේ.
මෙලෙස අත්අඩංගුවට අරන් ඇති සිව් දෙනා අතරින් වැල්ලේ සාරංග නමැත්තා පාතාල වෙඩික්කරුවෙකු ලෙස නම් දැරූවෙකු වන අතර මෙම සැකකරුවන් ගංජා බෙදාහැරීමෙහි චෝදනා ලැබුවන් බව ද පොලීසිය පවසයි.
මෙම සැකකරුවන් මෙරට සිට ඩුබායි දක්වා ගමන් කිරීමට උත්සාහ කර ඇති අවස්ථාවේ දී කොළඹ අපරාධ කොට්ඨාසය විසින් ඔවුන් අත්අඩංගුවට ගෙන තිබේ.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.
