ජපාන අගමැති සිය ධූරයෙන් ඉල්ලා අස්වීමට තීරණයක්

ජපාන අග්‍රාමාත්‍ය ධූරයෙන් ෂින්සෝ අබේ ඉල්ලා අස්වීමට තීරණය කර ඇත.

2012 වර්ෂයේ දී අග්‍රාමාත්‍ය ධූරයට පත් වූ ෂින්සෝ අබේ එරට දීර්ඝ කාලයක් අග්‍රාමාත්‍ය ධූරයේ කටයුතු කරමින් රැඳී සිටි නායකයා ලෙස සැලකෙන අතර ඔහු සිය අග්‍රාමාත්‍ය ධූරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

පසුගිය සති කිහිපයක කාලය තුළ අසනීප තත්ත්වයෙන් පසු වූ ජපාන අග්‍රාමාත්‍යවරයාගේ සෞඛ්‍ය තත්ත්වය මේ වනවිට ඉතා ගැටළුකාරී තත්ත්වයක පවතී. සෞඛ්‍ය තත්ත්වය හේතුකොටගෙන අග්‍රාමාත්‍යවරයා සිය ධූරයෙන් ඉල්ලා අස්වීමට අදහස් කර ඇති බව එරට NHK රූපවාහිනිය පවසයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *