දේශීය

ජනාධිපතිවරයා හිතුමතේ මුදල් වියදම් කරලා – අනුර කුමාර

ගෙවුනු අප්‍රේල් මස 30 සිට අගෝස්තු මස 30 දක්වා කාලය තුළ ජනාධිපතිවරයා හිතුමතයට ඒකාබද්ධ අරමුදලින් මුදල් වියදම් කර ඇති බව ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා පවසයි. ඒකාබද්ධ අරමුදලින් මුදල් වියදම් කිරීමේදී පාර්ලිමේන්තුව විසින් එම වියදම අනුමත කළ යුතු වුවත් කිසිදු අනුමැතියකින් තොරව ජනාධිපතිවරයා මුදල් වැය කර ඇතැයි ඒ මහතා පවසයි.

ඉදිරි කාලය සදහා රජයේ වියදම් වෙනුවෙන් අතුරු සම්මත ගිණුමක් සම්මත කරගැනීමට කටයුතු කරන ආන්ඩුව විශේෂ යෝජනාවක් හරහා අප්‍රේල් 30 සිට අගෝස්තු මස 30 දක්වා වෙන්කරගත් මුදල් සදහා ද යෝජනාවක් සම්මත කළ යුතුව ඇතැයි ඒ මහතා වැඩිදුරටත් සදහන් කරයි. එසේ නොමැතිව එම වියදම් නොතකා හැරියහොත් එය නරක පූර්වාදර්ශයක් වන බව දිසානායක මහතා පවසයි.

පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද අතුරු සම්මත ගිණුමට අදාලව අදහස් ඵල කරමින් කරුණු දැක්වූ දිසානායක මහතා, රුපියල් බිලියන 174ක මුදලක් ආරක්ෂක අමාත්‍යංශයට ඉල්ලා සිටීම නීති විරෝධී බව පවසන ලදි. ආරක්ෂක අමාත්‍යාංශය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවට වගකියන ඇමතිවරයෙක් නැති බව පෙන්වා දුන් අනුර කුමාර දිසානායක මහතා ආරක්ෂක අමාත්‍යංශය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා නොනිල ලෙස පවරාගෙන ඇති බවත් එය නීති විරෝධී බවත් පවසන ලදි.

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?