දේශීය

ලංකාගම – නෙළුව මාර්ගය දින 90ක් තුළ සාදා නිමකරන්න – ජනාධිපති

ලංකාගම – නෙළුව මාර්ගය දින 90ක් තුළ සාදා නිමකරන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා යුද හමුදා නිළධාරීන්ට අද (29) නියම කරන කළා. ඒ ආන්දෝලනයකට තුඩු දුන් නෙළුව – ලංකාගම මාර්ග ප්‍රතිසංස්කරණ ව්‍යාපෘතිය නිරීක්ෂණයකට අද සහභාගි වෙමින්.

ලෝක උරුමයක්ව පවතින සිංහරාජ රක්ෂිතයට වන බලපෑම නිසා මෙම මාර්ගය ඉදිකිරීමට එරෙහිව පරිසර සංවිධාන ගනනාවක් විරෝධය දැක්වූ අතර පසුගිය දිනක ජනාධිපතිවරයා මෙම මාර්ගයේ ඉදිකිරීම් කටයුතු තාවකාලිකව නතර කර දැමීමට අණ කළා.

කෙසේ වෙතත් අද චාරිකාවේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා නියෝග කළේ අදාල මාර්ගය ඉදිකිරීම් කටයූතු ආරම්භ කරන ලෙසත් දින 90ක් තුළ කි මී 18ක ප්‍රමාණයේ මාර්ගය සකස් කර අවසන් කළ යුතු බවත්ය.

මෙම නිරීක්ෂණ චාරිකාවට පරිසර අමාත්‍ය මහින්ද අමරවීර, මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු, වැවිලි කර්මාන්ත අමාත්‍ය රමේෂ් පතිරණ, රාජ්‍ය අමාත්‍ය මොහාන් පී. ද සිල්වා , සම්පත් අතුකෝරළ, නිපුණ රණවක, චන්දිම වීරක්කොඩි, වීරසුමන වීරසිංහ යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරු, පළාත් ආණ්ඩුකාර විලී ගමගේ මහතා සහ අමාත්‍යාංශ රැසක නිලධාරීහු මේ අවස්ථාවට එක්විය.

චාරිකාව අවසානයේ දී ජනාධිපතිවරයා තම ට්විටර් ගිණුමේ මෙසේ සදහන් කර තිබුනා.

ආන්දෝලනයකට තුඩු දුන් නෙළුව-ලංකාගම මාර්ග ප්‍රතිසංස්කරණ ව්‍යාපෘතිය අද නිරීක්ෂණය කළෙමි. කලක් තිස්සේ නිසි මාර්ගයක් නොමැතිව පීඩා විඳින ඔවුන්ගේ එකම ඉල්ලීම වූයේ ඔවුන්ගේ දරු දැරියන්ට හෝ එම පීඩාව උරුම නොකරන ලෙසයි. පරිසරයට හානි නොවන අයුරින් මාර්ගය ප්‍රතිසංස්කරණය කරන ලෙස මම උපදෙස් දුන්නෙමි.

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?