දේශීය

Covid 19 පිළිබඳ නවතම සොයාගැනීමක්

Covid 19 වෛරසය ආසාදනය වී පූර්ණ සුවය ලැබූ ආසාදිතයින්ට එම වෛරසය සිය සිරුරෙන් ඉවත් වී ඇත්දැයි දැනගැනීමට මාසයකට වඩා කාලයක් බලා සිටීමට සිදුවන බව ඉතාලියේ ආසාදිතයින් 1,162ක් යොදාගෙන සිදුකළ අධ්‍යයන වාර්තාවකින් අනාවරණය වී තිබේ.

ඒ අනුව වයස අවුරුදු 50ට අඩු පුද්ගලයන් සඳහා දින 35ක කාලයක් සහ වයස අවුරුදු 80ට අඩු පුද්ගලයන් සඳහා දින 38ක කාලයක් බලා සිටීමට සිදුවන බව එම වාර්තාවේ සඳහන් ය.

Covid 19 වෛරසය නොමැති බවට තහවුරුවන පරීක්ෂණ පහෙන් එකක් පමණ නිවැරදි නොවන බව එම අධ්‍යයන වාර්තාවේ සඳහන්ව ඇති අතර මෙම අධ්‍යයන වාර්තාව බ්‍රිතාන්‍ය වෛද්‍ය සඟරාවක ඇතුළත් කර තිබේ.

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?