දේශීය

කොවිඩ් ආසාදිතයින් 04ක් හඳුනාගැනේ

අද (05 ) දින මෙරට Covid 19 වෛරසය ආසාදිතයින් 04 දෙනෙකු හඳුනාගෙන ඇති බව කොවිඩ් 19 වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසයි.

මොවුන් සියළු දෙනා විදෙස් රටවල සිට පැමිණි පුද්ගලයින් වන අතර ඉන්දියාවේ සිට පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු, පිලිපීනයේ සිට පැමිණි පුද්ගලයෙකු සහ ඊශ්‍රායලයේ සිට පැමිණි පුද්ගලයෙකු වන බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්මේන්තුව සඳහන් කරයි.

මෙරට Covid 19 වෛරසය ආසාදිතයින් සංඛ්‍යාව 3115 ක් දක්වා ඉහළ ගොස් ඇති අතර වෛරසය ආසාදනය වී රෝහල්ගතව ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව 196ක් වේ.

ඒ අනුව මෙරට Covid 19 වෛරසය ආසාදිතව සුවය ලැබූ සමස්ත පුද්ගලයින් සංඛ්‍යාව 2907ක් බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි.

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?