ධීවර කටයුතු අත්හිටුවන්නැයි නිවේදනයක්

දිවයින වටා ගැඹුරු සහ නොගැඹුරු මුහුදු ප්‍රදේශන් හි සුළගේ වේගය පැයට කිලෝමීටර් 70ක් දක්වා ඉහළ යා හැකි බැවින් හෙට (07) දිනය දක්වා කුඩා හා එක්දින ධීවර යාත්‍රාවල ධීවර කටයුතු තාවකාලිකව අත්හිටුවන්නැයි ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත්කර තිබේ.

මේ අතර දිවයිනේ බොහෝ ප්‍රදේශවලට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි අතර සුළං තත්ත්වයේ වැඩිවීමක් ද අපේක්ෂා කළ හැකි බව කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *