දේශීය

තෙල් සහ ගෑස් ගවේෂණය නැවතත්

වසර ගණනාවක් අතරමඟ නවතා දමා තිබූ තෙල් සහ ගෑස් ගවේෂණය නැවතත් ආරම්භ කිරීමට රජය විසින් ප්‍රතිපත්තිමය තීන්දුවක් ගෙන ඇති බව අද (10) දින පැවැති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය සාකච්ඡාවේ දී සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය උදය ගම්මන්පිල මහතා සඳහන් කළේය.

එම ගවේෂණ කටයුතු සඳහා ඛනිජ තෙල් සම්පත් සංවර්ධන ලේකම් කාර්යාලයේ අධ්‍යක්ෂක ජනරාල් ලෙස සුදත් ඕවිටිගම මහතාට සහ එහි උපදේශකවරයෙක් ලෙස සාලිය වික්‍රමසූරිය මහතාට නව පත්වීම් ලබා දී ඇත.

ලොව පුරා මෙම ක්ෂේත්‍රය සම්බන්ධයෙන් බොහෝ අත්දැකීම් ලබා ඇති එම පත්වීම් ලත් නිළධාරීන් දෙදෙනා රජය විසින් තීරණය කර ඇති වැටුප මත සේවය කිරීමට කැමැත්ත පළ කිරීම විශේෂත්වයක් බව අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?