ඇමරිකාවේ ජන ජීවිතයට ‘සැලී’ සුළි කුණාටුවෙන් බාධා

ඇමරිකාවට බලපා ඇති ‘සැලී’ සුළි කුණාටුව හේතුවෙන් විශාල පිරිසක් ආපදාවට ලක්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

එරට ජන ජිවිතයට බාධා එල්ල කරමින් හමා ගිය මෙම සුළි කුණාටුව නිසා ඇමරිකාවේ ලක්ෂ 5කට අධික පිරිසකට විදුලිය විසන්ධි වී ඇති අතර ෆ්ලොරිඩා සහ ඇලබාමා ප්‍රාන්තවල ජල ගැලීම් තත්වයක් ද හටගෙන තිබේ.

පැයට කිලෝමීටර 169ක වේගයකින් හමා ගිය මෙම සුළි කුණාටුවත් සමඟ මිලිමීටර 762 වර්ෂාපතනයක් ද ඇද හැළී ඇති බව එරට කාළගුණ අංශ පවසයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *