තවත් 162ක් නිරෝධායනය අවසන් කරයි
මෙරට ත්‍රිවිධ හමුදාව විසින් පවත්වාගෙන යනු ලබන නිරෝධායන මධ්‍යස්ථාන තුළ නිරෝධායනය වෙමින් සිටි තවත් පුද්ගලයන් 162 දෙනෙකු සිය නිරෝධායන ක්‍රියාවලිය අවසන් කර නිවෙස් වෙත පිටත්ව යාමට නියමිතය.
එම පුද්ගලයින් 162 දෙනා අතරින් 77 දෙනෙකු පැල්වෙහෙර නිරෝධායන මධ්‍යස්ථානයේ නිරෝධායනය වූ පුද්ගලයින් වන බව කොවිඩ් 19 වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසයි.
ඒ අනුව මේ වන විට පුද්ගලයින් 43,895 දෙනෙකු නිරෝධායන ක්‍රියාවලිය අවසන් කර නිවෙස්වලට පිටත්ව ගොස් ඇති අතර තවත් පුද්ගලයින් 7,120 දෙනෙකු නිරෝධායන මධ්‍යස්ථාන 68 ක් තුළ තවදුරටත් නිරෝධායනය වෙමින් සිටින බව කොවිඩ් 19 වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය වැඩිදුරටත් සඳහන් කරයි.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.
