කොළඹ සැහැල්ලූ දුම්රිය ව්‍යාපෘතිය අත්හිටුවීමට තීරණයක්
අධික පිරිවැයක් දැරීමට සිදුවන බැවින් කොළඹ සැහැල්ලූ දුම්රිය ව්‍යාපෘතිය නවතා දැමීමට තීරණය කර ඇති බව ජනාධිපති ලේකම් ආචාර්ය පී. බී. ජයසුරන්දර මහතා ලිපියක් මඟින් ප‍්‍රවාහන අමාත්‍යාංශයේ ලේකම්වරයා වෙත දන්වා ඇත.
ඒ අනුව අදාළ ව්‍යාපෘතිය අත්හිටුවා ව්‍යාපෘති කාර්යයාලය ද ඉක්මණින් වසා දමන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා උපදෙස් ලබා දී ඇති බව එම ලිපියේ සඳහන් වේ.
මෙම ව්‍යාපෘතිය වෙනුවට සුදුසු වෙනත් ව්‍යාපෘතියක් නාගරික සංවර්ධන සහ නිවාස අමාත්‍යංශය මෙන්ම මුදල් අමාත්‍යංශය සමග ද සාකච්ඡා කර ඉදිරිපත් කරන ලෙසට ප‍්‍රවාහන අමාත්‍යාංශට එම ලිපිය මඟින් දන්වා තිබේ.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.
