ක්‍රීඩා

KKR කණ්ඩායමේ පළමු ජය – IPL උණුසුම

2020 ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ පළමු ජය වාර්තා කිරීමට කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම ඊයේ (26) දින සමත් විය. ඒ සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායමට එරෙහිව අබ්ඩාබි හි පැවැති තරගයෙනි.

එම තරගයේ පළමුව පන්දුවට පහර දුන් සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුළු 04ක් දැවී ලකුණු 142ක් රැස් කර ගත් අතර ජයග්‍රාහී ඉනිමක් ක්‍රීඩා කළ කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම පන්දුවාර 18ක් තුළ දී කඩුළු 03ක් පමණක් දැවී ලකුණු 145ක් රැස් කර තරගය ජය ගත්තේය.

ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ අද (27) තරගය රාජස්ථාන් රෝයල්ස් සහ කිංග්ස් ඉලෙවන් පන්ජාබ් කණ්ඩායම් අතර පැවැත්වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?